The title of the page
Atlas Sinhala Subtitle
Atlas Sinhala Subtitle
5.6
19
57

Atlas (2024) Sinhala Subtitles | “AI රොබෝවරුන්ට එරෙහිව” | සිංහල උපසිරැසි සමඟ

(Atlas (2024) Sinhala Subtitles) (Atlas (2024) Sinhala Subtitle) (Atlas (2024) Sinhala Sub) (Atlas Sinhala Subtitle) (Atlas Sinhala Sub) (Atlas 2024 Sinhala Subtitle)

සුබ දවසක් හැමෝටම..

ඔන්න අද ආවේ පහුගිය මැයි 24 වෙනිදා Netflix ඔස්සේ විකාශනේ වුණු අලුත්ම ඉංග්‍රීසි චිත්‍රපටයකට සිංහල උපසිරැසි අරගෙන..ඉතින් අද මම අරගෙන ආවේ Atlas (2024) කියන චිත්‍රපටය..

Atlas Movie free watch

මේක අධ්‍යක්ෂණය කරන්නේ Brad Peyton විසින්..ඉතින් මේ චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නේ ඇම⁣රිකානු ඩොලර් මිලියන 100ක බජට් එකකින්..ඒ වගේම මේ චිත්‍රපටය අයිත් වෙන්නේ Sci-fi/Action කියන කාණ්ඩ වලට..මේ වෙද්දි මේ චිත්‍රපටය IMDb දර්ශකයේ 5.6/10 ක අගයක් වගේම ගූගල් පරිශීලක මනාප 57%කුත් ලබා ගන්න සමත් වෙලා තියනවා..ඉතින් මේ රේටින්ග්නම් ඉස්සරහට තව වෙනස් වෙයි..මොකද මේක තිරගත නොවී Netflix හරහා විකාශය වුණු චිත්‍රපටයක් නිසා තමයි තවමත් රේටින්ග්ස් ලැබෙන චිත්‍රපටයක් විදියට තරමක් අඩු රේටින්ග් අගයවල් වල තියෙන්නේ…

කාස්ට් එක ගැනත් බැලුවොත් මේකේ ප්‍රධාන චරිතය වෙන ඇට්ලස්ගේ චරිතයට පණ පොවන්නේ අපි කවුරුත් දන්න ගායිකාවක් වගේම රංගන ශිල්පිනි⁣යකුත් වෙන Jennifer Lopez විසින්..ඊට අමතරව පහුගිය කාලේ නිකුත් වුණු Marvel ස්ටූඩියෝ එකේ Shang-Chi චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟ දක්වපු Simu Liu ත් මේ චිත්‍රපටයේ ප්‍රතිවීර චරිතයට පණපොවනවා..ඒ වගේම Lana Parrilla, Mark Strong, Sterling K. Brown, Abraham Popoola වගේ තවත් රංඟන ශිල්පීන් රැසක් මේ චිත්‍රපටය එක්ක එකතු වෙලා තියනවා..

Atlas Cast & Character Guide

කතාව ගැනත් කිව්වොත්,

මේ චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නේ මේ දවස් වල අපි හැමෝම අතරේ ජනප්‍රිය AI තාක්ෂණය පදනම් කරගෙන..ඉතින් අපේ කතා නායිකාව වෙන ඇට්ලස්ගේ අම්මා නිර්මාණය කරනවා හාර්ලන් කියලා AI රොබෝවරයෙක්..ඉතින් මෙයාට තනියම හිතලා වැඩ කරන්න පුලුවන්..ඉතින් මේ හාර්ලන් දවසක් තමන්ට ඇතුල් කරලා තිබ්බ වැඩසටහන් බිඳලා දාලා නැවත වැඩසටහන්ගත වෙනවා..හැබැයි ඒ හොඳ පැත්තකටනම් නෙවෙයි..හාර්ලන් දැන් උත්සාහ කරන්නේ මිනිස් ප්‍රජාව ලෝකෙන් තුරන් කරලා දාලා..ඒකට එයා එයාගෙම AI රොබෝ හමුදාවකුත් හදාගන්නවා..හැබැයි මේ රොබෝ ප්‍රහාර වලට විරුද්ධව රජය ICN කියලා හමදා කණ්ඩායමක් හදලා ප්‍රහාර දියත් කරනවා..මේ ප්‍රහාර හමුවේ හාර්ලන් වෙනත් ග්‍රහලෝකෙකට පැනලා යනවා..ඉතින් මේක තමයි චිත්‍රපටයේ වර්තමාන කාලයට අවුරුදු 28කට කලින් වුණු සිද්ධි දාමය..ඉතින්,

  • වර්තමානයට හාර්ලන්ගේ තර්ජනය මොන වගේද?
  • හාර්ලන් මෙහෙම වෙනස් වුණේ කොහොමද?
  • මේ දේවල් වලට ඇට්ලස් සම්බන්ධ වෙන්නේ කොහොමද?

වගේ ප්‍රශ්න ගොඩකට උත්තර හොයාගන්න ඔයාලට ෆිල්ම් එක බලන්නම වෙනවා..

Atlas (2024) – Review | Netflix Sci-fi Action Movie | Heaven of Horror

ඉතින් ඇත්තටම කාලයත් එක්ක දියුණු වෙන මේ තාක්ෂණය නිසා අනගාතයේදී මේ වගේ තත්ත්ව ඇත්තටම ඇතිවෙන්නත් පුලුවන්..😁 Sci-Fi / Action ෆිල්ම් වලට ආස කරන අයටනම් කම්මැලිකමක් නැතුව බලන්න පුලුවන් ෆිල්ම් එකක් කිව්වොත් හරි..එහෙනම් හැමෝටම චිත්‍රපටය බලන්න ආරාධනා කරනවා..ඒ වගේම ඔයාලගේ අදහසුත් පහලින් කමෙන්ට් කරගෙන යන්න..

තවත් අලුත් උපසිරැසියකින් හමුවෙමු..හැමෝටම,

බුදු සරණයි..!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අංජුල උමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අංජුල උමේෂ්

August 23, 2019


95
Total Subtitles

12 comments

  1. thank you.

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  3. laKMal
    Cineru_users

    ස්තූතියි සහෝ සබට

  4. Kavindu Nethmina
    Cineru_users

    Sub ekata thanks bro

  5. 🔥🔥🔥 සුපිරි ෆිල්ම් එකක් කිව්වොත් හරියටම හරි ස්තුතියි

  6. Thanks bro..

  7. Rasara Heshan
    Cineru_users

    Thanks Brother

  8. thanks also the site is good

  9. Thanks for the sub!!!

  10. Thnx bro.Great job.Good luck.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login