The title of the page
All the Light We Cannot See (2023) S01 E01 Sinhala Subtitles
All the Light We Cannot See (2023) S01 E01 Sinhala Subtitles
7.5
27
93

All the Light We Cannot See (2023) S01 E01 Sinhala Subtitles | “මුහුදු ගිනිසිළුව” | සිංහල උපසිරැසි සමඟ

(All the Light We Cannot See (2023) Sinhala Subtitles) (All the Light We Cannot See (2023) Sinhala Sub) (All the Light We Cannot See (2023) Sinhala Sub) (All the Light We Cannot See Sinhala Sub)

“All the Light we Cannot See” එපිසෝඩ් 4 ක මිනි සීරිස් එකක්, 2023 දී Netflix හරහා නිකුත් වුණ. Anthony Doerr නම් සුප්‍රසිද්ධ ඇමරිකානු කතුවරයා විසින් එනමින්ම රචනා කළ යුධ නවකතාවක් පදනම් කරගෙන හරි අපූරුවට දිගහැරෙන ලස්සන කතාමාලාවක් මේ.. Steven Knight ගේ නිෂ්පාදනයක් වුණ විශිෂ්ට ගණයේ කතාමාලාවකට ලැබුණ වෙලාවේ සබ් කරගන්න පුළුවන් වුණ එක ගැන මට ලොකු සතුටක් තියෙනවා.. මොකද බැලුවට අපරාදයක් වෙන්නේ නැති හොඳ නිර්මාණයක් මේ.

Plot එක පැත්තට යමු.

යුද්ධයේ බිහිසුණු බව මනාවට පැහැදිලි කරන මේ කතාමාලාවේ ප්‍රධාන ඉඩක් වෙන්වෙනවා “රේඩියෝව” කියන උපකරණයට. මොකද මේ කතාව දිවයන්නේ 1940 හා ඒ ආසන්න කාල පරිච්ඡේදයක. ඒ කාලේ රේඩියෝව කියන්න මහා වස්තුවක්. “මරී” කියන්නේ අන්ධ ගෑණු ළමයෙක්. මෙයා ජීවත් වෙන්නේ මෙයාගේ තාත්තා වෙන “ඩැනියෙල්” එක්ක. ජර්මානු හමුදා ප්‍රංශය ආක්‍රමණය කරාට පස්සේ මේ දෙන්නා ජීවත් වුණ තැනින් පිටවෙලා “ශාන්ත මාලෝ” කියන නගරයේ ජීවත් වෙන “අංකල් එටියන්” කියන කෙනා ගාවට එනවා. මෙයාලා එන්නේ ලොකු රහසක් අරගෙනයි. ඒ තමයි “මුහුදු ගිනිසිළුව” කියලා හඳුන්වන, ප්‍රංශයෙන් භාගෙකට වඩා වටින බව කියන මහානර්ඝ පාෂාණයක්. සියළු ලෙඩ සුවකරන වගේම අමරණීයත්වය ලබාදෙන වස්තුවක් විදිහටයි මේක ජනප්‍රවාදවල සඳහන් වෙන්නේ. මේ පාෂාණය හොයාගෙන එන එක් ජර්මානුවෙක් වගේම සමස්ත නාසී හමුදාව හින්දා මේ අයට ලොකු ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා. ඒ අතරේ ඇමරිකානු හමුදාවන් උත්සාහ කරනවා ජර්මානුවන්ගෙන් ප්‍රංශය මුදවාගන්න. අපි බලමු මේ වගේ තත්වයක ඉඳන් කතාව මොන විදිහටද ගලාගෙන යන්නේ කියලා..

සුප්‍රසිද්ධ Dark කතාමාලාවේ Jonas චරිතයට පණපෙවූ Louis Hofmann තමයි මේ කතාමාලාවේ “වර්නර් පෙනින්ග්” චරිතයට දායක වෙන්නේ. ඒ වගේම අපි කවුරුත් දන්න Hulk චරිතයට පණපෙවූ “Mark Ruffalo” තමයි මේ කතාමාලාවේ මරීගේ තාත්තා එහෙමත් නැත්තම් “ඩැනියෙල්” කියන චරිතයට රංගනයෙන් දායක වෙන්නේ. House, The Night Manager වගේ කතාමාලාවල දකින්න ලැබුණු “Hugh Laurie” නම් ප්‍රසිද්ධ රංගන ශිල්පියා තමයි මේ කතාමාලාවේ “Uncle Etienne” චරිතය රඟදක්වන්නේ..

Anyway, හැමෝටම ආරාධනා කරනවා බලන්න කියලා මේ අපූරු කතාමාලාව.. ලිපිය ඉවර කරන්නම් කතාවේ නිතරම සඳහන් වෙන කියමනකින්..

“The Most Important Light is the Light You Cannot See”

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මලීෂ බණ්ඩාර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මලීෂ බණ්ඩාර

February 3, 2024


33
Total Subtitles

One comment

  1. Kavindu Nethmina
    Cineru_users

    Sub ekata thanks bro

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login