The title of the page
Alien Romulus Sinhala Subtitle
Alien Romulus Sinhala Subtitle
7.3
80
91

Alien: Romulus (2024) Sinhala Subtitles | ”රොමියුලස් ඛේදවාචකය” | සිංහල උපසිරැසි සමඟ

(Alien: Romulus (2024) Sinhala Subtitles) (Alien: Romulus (2024) Sinhala Subtitle) (Alien Romulus Sinhala Subtitle) (Alien Romulus 2024 Sinhala Subtitle)

කොහොමද යාලුවනේ ඔන්න අදත් ඔයාලට අලුත්ම උපසිරැසියක් අරගෙන ආවා. සුපුරුදු විදිහට කැම් පිටපතකට කරලා තියාගත්ත නිසායි මේ ඉක්මනින් දෙන්න පුළුවන් වුණේ.

හරි අපි දැන් චිත්‍රපටිය පැත්තට යමු. අද මං අරන් ආවේ අලුතින්ම නිකුත්වුණ ඔයාලා එනකල් බලාගෙන හිටිය Alien චිත්‍රපටි මාලාවේ අලුත්ම චිත්‍රපටිය, Alien: Romulus (2024)

ඔරිජිනල් Alien චිත්‍රපටය 20th Century Studios ආයතනය යටතේ තිරගත වෙන්නේ 1979 අවුරුද්දේදී. අධ්‍යක්ෂණය කරන්නේ Ridley Scott විසින්. 

ඊටපස්සේ චිත්‍රපටියට සීක්වල් 3ක් එකතුවෙනවා. නම් වශයෙන් කීවොත්,

1. James Cameronගේ අධ්‍යක්ෂණය යටතේ Aliens (1986)

2. David Fincherගේ අධ්‍යක්ෂණය යටතේ Alien 3 (1992)

3. Jean-Pierre Jeunetගේ අධ්‍යක්ෂණය යටතේ Alien Resurrection (1997)

ඊටපස්සේ ප්‍රධාන චිත්‍රපට වලින් බාහිරව ගිහින් Predator කතාවත් එක්ක එකතුවෙලා Alien vs. Predator විදිහට චිත්‍රපට 2ක් නිර්මාණය වෙනවා.

1. Alien vs. Predator (2004)
2. Aliens vs. Predator: Requiem (2007)

ඊටපස්සේ ඔරිජිනල් Alien චිත්‍රපටයේ අධ්‍යක්ෂක Ridley Scott ආයේ එළි බහිනවා ප්‍රීක්වල් චිත්‍රපටයක් කරන අදහසින්. ඒ අනුව ප්‍රීක්වල් චිත්‍රපට 2ක් නිර්මාණය වුණා.

1. Prometheus (2012)
2. Alien: Covenant (2017)

එතකොට මේ අද නිකුත්වුණ Alien: Romulus (2024) කියන්නේ Alien සම්බන්ධ 9වෙනි චිත්‍රපටිය. 

හරි දැන් වටපිටාව සුද්දයිනේ. අපි දැන් යමු චිත්‍රපටිය දිහාවට.

චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Fede Álvarez සහ රචනය Fede Álvarez සමඟින් Rodo Sayagues. Horror/Sci-fi ගණයට වැටෙන චිත්‍රපටියට පැය 1 මිනිත්තු 59ක ධාවන කාලයක් අයත්. ප්‍රධාන චරිත වලට රංගනයෙන් දායක වෙන්නේ Cailee Spaeny, David Jonsson, Archie Renaux, Isabela Merced, Spike Fearn, Aileen Wu ඇතුළු රංගන ශිල්පීන් ශිල්පිනියන් පිරිසක්.

චිත්‍රපටියේ කතාව ලොකුවට කියන්න නම් මගේ බලාපොරොත්තුවක් නෑ. එහෙනම් ඉතිරිය ඔයාලට භාරයි. රසවිඳින්න.

ඔයාලට ජයවේවා !!!

~ උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ ~

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුපුන් සදීප

July 14, 2020


125
Total Subtitles

12 comments

  1. එහෙන් yts move එක ,මෙහෙන් සබ් එක… සුපිරි…. ගොඩක් ස්තුතියි සබ් එකට ,සුපිරි ෆිල්ම් එකක් එනකල් බලම් උන්න ,ඔයලටත් ජය වෙවා ❤ ❤❤❤❤❤️‍🔥

  2. Thanks for the sub!!!

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි සුපුන් …….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    movie eka aapugaman sub eka dunnata godakma pin……

  4. Buddhika laKMal
    Cineru_users

    ස්තූතියි සහෝ උපසිරැසියට

  5. Anjula Umesh
    Cineru Family Member

    සබට තෑන්ක්ස් සගෝ..

  6. Hasanka Sandaruwan

    thank you…

  7. Kavindu Nethmina
    Cineru_users

    Sub ekata thanks bro

  8. චූටි කිටියා 🥰🥰

    Ava gaman dunnane thanks 😊 🙏 😘❤️❤️

  9. Tnqqq sahoooo…. Jaya weewaa…!!! Gemmak tamai… ❤️❤️❤️❤️❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login