Alice In Borderland (2025) S03 E06 Sinhala Subtitles
Alice In Borderland (2025) S03 E06 Sinhala Subtitles
7.8
86
94

Alice In Borderland (2025) S03 E06 [END] Sinhala Subtitles | “ නිදහස ” | සිංහල උපසිරැසි සමඟ

(Alice In Borderland (2025) S03 Sinhala Subtitles) (Alice In Borderland (2025) S03 Sinhala Subtitle) (Alice In Borderland (2025) S03 Sinhala Sub) (Alice In Borderland S03 Sinhala Subtitles) (Alice In Borderland S03 Sinhala Subtitle) (Alice In Borderland S03 Sinhala Sub)

සුබ දවසක් වේවා හැමෝටම..

Alice in borderland කියන්නේ ඉතාමත් ජනප්‍රිය ජපන් කතාමාලාවක්. ගොඩක් අය ඉතාමත් ආසාවෙන් බලපු ජපන් කතා මාලාවල් අතරින් ඉතාමත් අදහාගන්න බැරි, ප්‍රේක්ෂක උන්මාදයක් බවට පත් වුනු සුපිරිම කතාමාලාවක් කියලා කිව්වොත් නිවැරදියි. මේක නිකුත් වෙන්නේ Netflix හරහා. මේ වෙද්දී සීසන් දෙකක් මේ වෙද්දී නිකුත් වෙලා තියෙනවා.

පළමු සීසන් එක නිකුත් වෙන්නේ 2020 දෙසැම්බර් 10 වෙනිදා. දෙවෙනි එක නිකුත් වෙන්නේ 2022 දෙසැම්බර් 22 වෙනිදා. හැබැයි මේ සිරිස් එකේ නිකුත් කරන දිනයේ පොඩි වෙනසක් තියෙනවා. ඒ තමයි තුන්වෙනි අදියර නිකුත් කරන දවස. මේ ලිපිය ලියන අද දවසේ තමයි මේ සම්පුර්ණ කතා මාලාවම නිකුත් වෙන්නේ.

අධ්‍යක්ෂණය ගැන කතා කලාම ශින්සුකේ සාටෝ නමැති අධ්‍යක්ෂකවරයා තමයි මේ සිරිස් තුනම අධ්‍යක්ෂණය කරන්නේ.
මේකේ රචනය සිදු කරන්නේ යෝශිකි වටාබේ, යසුකෝ කුරාමිට්සු, සහ අධ්‍යක්ෂකතුමා. මේක පාදක වෙන්නේ හරෝ අසෝ ලියපු Alice in Borderland කියන කෘතියෙන් (මේක මන්ගා එකක්). සංගීත අධ්‍යක්ෂණය යුටාකා යමාදා සහ බෙන්සන් ටේලර් කියන දෙන්නා තමයි කරන්නේ. නිෂ්පාදනය අකිරා මෝරිගෙන්. මේක Drama/Science Fiction/Thriler ගණයන්ටයි අයිති වෙන්නේ. Escape Room, Saw Series බැලුවා නම් ඔයාට තේරෙයි මේ කතා මාලාවත් ඒ හා සමාන ටයිප් එකේ යන කතා මාලාවක් කියලා.

එක සීසන් එකකට කොටස් 8ක් බැගින් නිකුත් වෙනවා. මේ වෙද්දී කොටස් 16ක් නිකුත් වෙලා ඉවරයි.

විස්තර ටිකක් මං දාන්නකෝ මෙතනින්.. මං කියෙව්වට වැඩිය හොද අදහසක් මේකෙන් ලැබෙයි කියලා මං හිතනවා.

❖ Information – විස්තර ❖

Name – Alice in borderland
Japanese – 今際の国のアリス
Genre – Drama , Science fiction , Thriller
Based on – The original graphic novel “Alice in Borderland” by Haro Aso
Written by – Yoshiki Watabe , Yasuko Kuramitsu , Shinsuke Sato
Directed by – Shinsuke Sato
Composer – Yutaka Yamada
Country of origin – Japan
Original language – Japanese
No. of seasons – 3
No. of episodes – 16 (list of episodes)
Executive producer – Kaata Sakamoto
Producer – Akira Morii
Cinematography – Taro Kawazu
Editors – Tsuyoshi Imai , Shoukichi Kaneda
Camera setup – Multi-camera
Running time – 41–80 minutes
Production company – Robot Communications Inc.
Distributor – Netflix
Original network – Netflix
Picture format – 4K (Ultra HD)
Audio format – Dolby Digital
Original release – December 10, 2020

❖ කාස්ට් – Cast ❖

<u>ප්‍රධාන චරිත (Main)
Kento Yamazaki as Ryōhei Arisu
Tao Tsuchiya as Yuzuha Usagi


❖ කතාව ❖

Arisu කියන්නේ වීඩියෝ ගේම් ගහ ගහ ගෙදරට වෙලා ඉන්න කොල්ලෙක්. මේ කොල්ලට ගෙදරින් හෙනටම කේස් දානවා ජොබක් හොයාගන්න කියලා. ඉතින් ඔහොම දවසක් ගෙදර අයත් එක්ක මිනිහා වලියක් දාගෙන එලියට යනවා. ඉතින් මෙයාට ඔය ටයිප් එකේම යාළුවො දෙන්නෙක් ඉන්නවා Chota, Karube කියලා. Arisuට බොන්න ඕනෙම හින්දා මිනිහා එයාලගේ යාලුවොත් එක්ක ටවුමට යනවා. ගියා කියලා කියමුකෝ. හැබැයි මෙයලගේ අතින් වුනු වැරද්දක් හින්දා එතන පොඩි අනතුරකුත් වෙනවා.

පොලිසියෙන් බේරෙන්න මේ තුන්දෙනා හැංගෙන්න යන්නේ Bathroom එකකට. ටික වෙලාවක් යද්දී තමයි නියම සෙල්ලම පටන් ගන්නේ. එකපාරම ලයිට් ගිහින් ෆෝන් වැඩ කරන්නේ නෑ. එලියට එද්දි කවුරුවත් නෑ – නගරෙම හිස් – පේන තෙක් මානෙක අඩුම ගානේ මිනිහෙක්වත් පේන්න නෑ.. අම්මටසිරි.. මුන් තුන්දෙනයි ඉන්නේ.. එකපාරම මෙයාලගේ ෆෝන් එකට මැසේජ් එකක් එනවා “ගේම් එකට සාදරයෙන් පිලිගන්නවා..” කියලා..

මොකක්ද මේ ගේම් එක? මිනිස්සුන්ට මොකක්ද වුනේ? මේවට උත්තර කතා මාලාව බැලුවම හම්බවෙයි.

සෙල්ලම ගැන විස්තරයක් ඕනේ නම් පළමු සීසන් එකේ පොඩි විස්තරයක් තියෙනවා. ඒක කියවලා බලන්න කියලා ආරාධනා කරනවා.

තාම මුල් සීසන් දෙක බැලුවේ නැත්නම් S01 https://cineru.lk/alice-in-borderland-2020-sinhala-sub සහ S02 https://cineru.lk/alice-in-borderland-s02-2022-sinhala-subtitle මේ නම් දෙක උඩට ඇවිල්ලා ඒ ලින්ක් වලට ගිහින් බලන්න කියලා ආරාධනා කරනවා.

එහෙනම් ඉතින් ආරාධනා කරනවා මේ සුපිරිම කතාමාලාවේ තුන්වෙනි අදියරත් බලන්න කියලා..

මේක නිකම් ජපන් කතා මාලාවක් නෙවෙයි.. මේක මිස් කරගත්තා කියන්නේ සුපිරිම කතා මාලාවක් මගෑරගත්තා කියලා පස්සට පසුතැවෙන්න වෙයි ඉතින්.. 😁😁😁😁

තවත් මේ වගේ සුපිරියක් එක්ක හමුවීමේ බලාපොරොත්තුවෙන් අපි සමුගන්නවා.

ඉතින් මේ කථාමාලාවටත් වෙනදා වගේම උපසිරැසි ගෙනාපු අපි,😇♥

සිංහල උපසිරැසිකරණයේ නවමු රැල්ල
CINERU.LK

ලිපි සැකසුම: Oshada Eranga (Era Boy)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නෙත්මිර දසිඳු සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නෙත්මිර දසිඳු

November 29, 2023


59
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login