The title of the page
Adrishya Jalakangal (2024) Sinhala Subtitles
Adrishya Jalakangal (2024) Sinhala Subtitles
4.7
5.2

Adrishya Jalakangal (2024) Sinhala Subtitles | කවුද ඒ පිස්සා? | සිංහල උපසිරැසි සමඟ

(Adrishya Jalakangal (2024) Sinhala Subtitles) (Adrishya Jalakangal (2024) Sinhala Sub) (Adrishya Jalakangal  Sinhala Subtitles) (Adrishya Jalakangal  Sinhala Sub)

සුබ දවසක් හැමෝමටම…

මලයාලම් සිනමාවේ මේ අවුරුද්දේ හොදම ෆිල්ම් 4ක් ගෙනාපු මම අද පොඩි වෙනසකට පරණ ෆිල්ම් එකක් දෙන්න හිතුවා. හැබැයි ගොඩක්ම පරණ නෙමෙයි. මේක නිකුත් වෙලා ගොඩක් කල් (අඩුම මාස 7ක් වගේ වෙනවා. 2023 තමා නිකුත් වුනේ). හැබැයි මේක නොතිබුණ එක ලොකුම අඩුපාඩුවක්. මොකද මේක ඒ තරම්ම වටිනා ෆිල්ම් එකක් නිසා. ඒකට හේතු ටික මෙන්න මෙහෙම කියන්නම්.

* මලයාලම් සිනමාවේ ඉන්න තවත් චරිතාංග නළුවෙක් තමයි ටොවිනෝ තෝමස් කියලා කියන්නේ.(අවංකව කිව්වොත් මගේ මලයාලම් නළු නිලි ලිස්ට් එකේ උඩින්ම ඉන්න, ආසම කෙනෙක්) Anweshippin Kandeththum, Kalki, Maari 2, 2018, neelivalicham වගේ ගොඩක් ෆිල්ම් වල රගපාපු එයා මෙදා පොටේ අමුතුම එකක් දීලම තියෙනවා. හැබැයි වෙනස්ම චරිතයකින්. ඒ වෙනස කොහොමද කියලා ඔයාලා මේ ෆිල්ම් එක බැලුවම තේරේවි.

* අනිත් දේ තමයි, මේ ෆිල්ම් එක සම්මානයකින් පිදුම් ලබපු එකක්. ඒකත් ලැබුණේ ටොවිනෝ තෝමස්ටම තමයි. ඒ සම්මානය ගැන කිව්වොත් පෘතුගාලයේ Fantasporto International Film Festival වලින් හොදම නළුවට ලැබුණු සම්මානය. ඒකත් ලැබුණේ මේ ෆිල්ම් එකට.

* පුදුම සහගත කාරණය තමයි මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිත දෙකට (නළුවටයි නිලියටයි) කිසිම නමක් දීලා නැති එක !! හැබැයි ඇත්තටම මම උඩ බිම බැලුවා.(බොරු කියන්න ඕනේ නෑනේ.) හත්වලාමේ.. කෝ නම් දෙක? කට්ටිය අන්දුන් කුන්දුන් වෙනවා සත්තයි!

හරි හරි… වැල්වටාරම් ටිකක් කියෙව්වා ඇතිනේ. අපි යමු ෆිල්ම් එකට.

මේකේ නම Adrishya Jalakangal. මේකේ ඇත්තම තේරුම තමයි “නොපෙනන ජනේලය” (Invisiable Window).(මේක තමා එයාලගේ ෆිල්ම් එකේ උප ශීර්ෂය.) 2023 නොවැම්බර් 24 වැනිදා නිකුත් කරපු මේ ෆිල්ම් එක රංගනයෙන් ටොවිනෝ තෝමස්, නිම්ෂා සජයාන්, ඉන්ද්‍රන්ස් වගේ රංගන ශිල්පින් රැසක් රංගනයෙන් දායක වෙනවා.

Drama ශානරයට අයිති වෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරන්නේ බිජුකුමාර් දාමෝදරන්ගෙන් (Dr. Biju). නිෂ්පාදනය කරන්නේ නවීන් යෙර්නේනි, රවී ශංකර් හා ටොවිනෝ තෝමස් හා රාධිකා ලාවූ විසින්. සංගීත අධ්‍යක්ෂණය රිකි කේජ් ගෙන්.

රේටින් ගැන කතා කලොත් IMDB අගය 4.7/10 කුත්, ගුගල් පරිශීලක අගය 52% කුත් තියෙනවා.

2023 දෙසැම්බර් 8 වෙනිදා තමයි මේ ෆිල්ම් එකේ OTT නිකුත් කලේ. ඒ කවුරුත් දන්න Netflix වලින්. (ටොවිනෝගේ ගොඩක් ෆිල්මි මෙිකෙන් තමයි නිකුත් කලේ. Anweshippin Kandethum, Minnal Murali)

කතාව කවුරුත් බලන්න ඇති කියලා මං හිතනවා. මොකද මෙික කවුරුත් බලලා තියෙන හින්දා.

හැබැයි මට මෙි ලිපිය නිකමිම මෙහෙම ලියලා ඉවර කරන්න හිතුණේ නෑ. මෙි දෙබසත් එක්කම ඉවර කරන්නයි හිතු⁣ණේ..

“හැම දෙනාම තුවක්කුව වෙනුවට
අතට පොතක් ගත්ත නම් මේ ලෝකේ කොච්චර සාමකාමී වෙනවද කියලා!”

තවත් ෆිල්මි එකකින් නැවත හමුවෙමු… එතකමි සුබ දවසක් !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඕෂද එරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඕෂද එරංග

May 24, 2024


6
Total Subtitles

4 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි .
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. Buddhika laKMal
    Cineru_users

    ස්තූතියි සහෝ සබට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login