The title of the page
Ace (2025) Sinhala Subtitles
Ace (2025) Sinhala Subtitles
7.2
90

Ace (2025) Sinhala Subtitles | “මාස්ටර් ප්ලෑන්” | සිංහල උපසිරැසි සමඟ

(Ace (2025) Sinhala Subtitles) (Ace (2025) Sinhala Sub)

 

සුභ දවසක් හැමෝටම!

ඔන්න ගොඩක් දෙනෙක් ආස කරන නළුවෙක්ගෙ තවත් අලුතෙන් ආපු පට්ට ෆිලුමක් අරන් තමයි මං සයිටට ගොඩ උනේ..

2025 මැයි 23 වෙනිදා නිකුත් වෙච්ච මේ ෆිලුම අයත් වෙන්නෙ Action/Comedy/Thriller කියන Genre එකට.. ගොඩක්ම තිබ්බේ කොමඩි තමයි, ඇක්ෂන් නම් වැඩිත් නෑ අඩුත් නෑ ගානට තිබ්බා.. මුල ඉදන් කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුලුවන් හොද ත්‍රිල් එකක් තිබ්බ ෆිලුමක්..😁 ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වෙන්නෙ විජේ සේදුපති සමඟින් යෝගි බාබු.. අම්මෝ දෙන්නගෙ Combination එක නම් ගින්දර..🔥😍

අධ්‍යක්ෂණය සහ කතාව – Arumuga Kumar
භාෂාව – දමිළ තිර
කාලය – මිනිත්තු 154
රංගනය – Vijay Sethupathi බෝල්ට් කන්නන් ලෙසින්
Rukmini Vasanth රුක්කු ලෙසින්
Yogi Babu අරිවු ලෙසින් B. S. Avinash ධර්මා ලෙසින්
Babloo Prithiveeraj – රාජදොරෙයි ලෙසින්
Divya Pillai – කල්පනා ලෙසින්

කතාව පැත්තට ගියොත්,

බෝල්ට් කන්නන් කියන කෙනා හිරෙන් නිදහස් වෙලා තමයි මැලේසියාවට එන්නෙ, මෙහෙදි තමයි පොරට අරිවුව හම්බවෙන්නෙ.. මිනිහා කියන විදිහට නම් අරිවු ලොකු සල්ලිකාරයෙක්, ඉතින් බෝල්‍ට් ට අරිවුගෙ වැඩකාරයා විදිහට තමයි ඉන්න වෙන්නෙ..

බෝල්ට් ඔහොම පාඩුවේ ඉන්නකොට මෙයාට සෙට් වෙනව රුක්මිනී කියල ලස්සන කෙල්ලෙක්, ඒ කෙල්ලගෙ රස්සාවෙ ප්‍රශ්නයක් විසදන්න ඒ පැත්තෙ ඉන්න ලොකුම මැරයගෙන් ණයක් ගන්න ගිහින් මැරයා එක්කත් ලොකු ලෙඩක් දාගෙන පොර ඉන්නෙ..

බෝල්ට්ගෙ තියෙන ලොකුම අවුල තමයි පොරට කවුරුහරි දුකක් කිව්වාම ඒකට හැඟීම්බර වෙලා ඒ වෙනුවෙන් ඕනම දෙයක් කරන එක.. ඉතින් රුක්කුට තියෙන සල්ලි ප්‍රශ්නයක් පොරට කිව්වාම, පොර ඒක විසදන්න මාස්ටර් ප්ලෑන් එකක් ගහලා ලොකු බැංකු මංකොල්ලයක් කරනව.. ඒ අර ණය ගෙවන්නයි කෙල්ලගෙ ප්‍රශ්නෙ විසදන්නයි දෙකටම, ඒත් මේ ප්‍රශ්න දෙකම පොරගෙ ඔළුවට වැටෙනවා.. මැරයත් පස්සෙන් පන්නනවා.. පොලිසියත් පන්නනවා..

ඔන්න ඕක තමයි මේකෙ මුල් කතාව..
ඔතනින් එහාට තමා හොද හොද සිද්දි වෙන්නෙ..
මේ ජාතියේ ෆිල්ම් වලට ආස අයට බලන්න කියල ආදරෙන් ආරාධනා කරනව..
ගිහින් එන්නම්..හැමෝටම ජය!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ශාන් සසංග (ශානා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ශාන් සසංග (ශානා)

October 26, 2022


138
Total Subtitles

3 comments

  1. Era Boy
    Cineru Family Member

    maru maru sagoo 😍

  2. Buddhika laKMal
    Cineru_users

    Thanks ShaNooooooooo Sub ekata

  3. Gemmak tamai…. Jaya weewaa…. ❤️❤️❤️❤️❤️❤️❤️❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login