The title of the page
Abraham Ozler (2024) Sinhala Subtitles
Abraham Ozler (2024) Sinhala Subtitles
6.6
50
92

Abraham Ozler (2024) Sinhala Subtitles | “උපන් දිනයට මිනීමරන දොස්තරගේ අභිරහස” | සිංහල උපසිරැසි සමඟ

(Abraham Ozler (2024) Sinhala Subtitles) (Abraham Ozler (2024) Sinhala Sub) (Abraham Ozler Sinhala Subtitles) (Abraham Ozler Sinhala Sub)

උපන් දිනේට මිනි මරන දොස්තර කෙනෙක් !
ඒ පසුපස පන්නන පොලිස් නිලධාරියෙක් !
මිනීමරුවා අල්ලගනිවිද නැද්ද ?

සුබ දවසක් හැමෝටම…

මලයාලම් සිනමාවේ මේ අවුරුද්දේ බොක්ස් ඔෆිස් හිට් වුනු ෆිල්ම් එකක සබක් අරගෙන තමයි අද මම සිනෙරු එකට ගොඩ වැදුනේ. වැඩ දාහක් මැද්දේ තමා මේක අරගෙන එන්නේ.

ෆිල්ම් එක ගැන කිව්වොත්,

ෆිල්ම් එකේ නම Abraham Ozler 2024 ජනවාරි 11 වෙනිදා නිකුත් කරපු මේ ෆිල්ම් එකේ අධ්‍යක්ෂණය මිදුන් මනුවෙල් තෝමස් තමයි කලේ. නිෂ්පාදනය ඉර්ෂාඩ් එම්. හාසන් හා මිදුන් මනුවෙල් තෝමස් ගෙන්. සංගීත අධ්‍යක්ෂණය මිදුන් මුකුන්දන් ගෙන්. මේ ෆිල්ම් එකේ Release Date එක මුලින්ම දීලා තිබ්බේ 2023 දෙසැම්බර් 25. නමුත් ඒක පොඩ්ඩක් කල් ගිහිල්ලා තමයි ජනවාරි 11වෙනිදාට තමයි සෙට් වෙන්නේ. OTT ගැන කතා කලොත් OTT නිකුත් කරන්නේ Disney + Hotstar වලින් වගේම නිකුත් කරන දවස 2024 මාර්තු 30වෙනිදා. රේටින් ගැන කතා කලොත් IMDB අගය 6.6/10කුත් ගුගල් පරිශීලක අගය 92% (92/100) කුත්, කුණු තක්කාලි අගය 50%කුත් තියෙනවා.

කාස්ට් එක ගැන කතා කලොත් අපි දන්න සෙට් එකක් තමයි මේකේ රගපාන්නේ.

ප්‍රධාන චරිතයට රගපාන කෙනා ලගදි රගපාපු POR දෙමල ෆිල්ම් එකේ රගපාපු කාලිදාස් ජයරාම්ගේ තාත්තා වෙච්ච ජයරාම් සුබ්‍රමනියම් නොහොත් ජයරාම්. ගෝස්ට් (Ghost) කන්නඩ ෆිල්ම් එක බැලුවා නම් දන්නවා ඇතිනේ.

මේ චිත්‍රපටයේ අතරමැද්දෙන් මමොට්ට් හමුවෙනවා. එයා ඒ චිත්‍රපටියේ විශේෂ දීර්ඝ රංගනයක (Extended Cameo) නිරත වෙනවා. කන්නුර් ස්කොඩ් (Kannur Squad), බ්‍රහ්මායුගම්(Brahmayugam) බැලුවා නම් දන්නවා නේ.

අනෙක් අය ගත්තොත්,
Anaswara Rajan
Arjun Ashokan
Anoop Menon
Saiju Kurup
Arya Salim
Senthil Krishna
Jagadish
වගේ හොද කාස්ට් එකක් එනවා.

ආදායම ගැන බැලුවොත් ඉන්දියානු රුපියල් කෝටි 40.53ක් උපයාගන්න මේ ෆිල්ම් එක සමත් වෙනවා. ඒක ජයරාම්ගේ රංගන ජීවිතයේ හොදම ෆිල්ම් එකත් වෙනවා.

කතාව අන්තිමේදී මේකෙම දෙවෙනි කොටසකුත් ගැන ඉගියක් දෙනවා.

මේ ෆිල්ම් එකේ උපසිරැසිය පරිවර්තනය කරනකොට සමහරක් Medical Terms වල නිවැරදි තේරුම දෙන්න උත්සහ කළා. ඒ වගේම ඒවායේ තේරුමත් මම දීලා ඇති. අඩුපාඩු ඇත්නම් සමාවෙන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා.

තවත් ෆිලුමකින් ආයේ හමුවෙමු.. එතකම් සුබ දවසක් !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඕෂද එරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඕෂද එරංග

May 24, 2024


4
Total Subtitles

3 comments

  1. laKMal
    Cineru_users

    Thanks bro

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login