A Place Called Silence (2024) Sinhala Subtitles
A Place Called Silence (2024) Sinhala Subtitles
6.5
84

A Place Called Silence (2024) Sinhala Subtitles | “නිහඬ බවේ අඳුර” | සිංහල උපසිරැසි සමඟ

(A Place Called Silence (2024) Sinhala Subtitles) (A Place Called Silence (2024) Sinhala Subtitle) (A Place Called Silence (2024) Sinhala Sub)

A Place Called Silence (2024) [මෝ ශා] (නිහඬ බවේ අඳුර)

* IMDb අගය: 6.5/10
* වර්ගය: අපරාධ / නාට්‍යමය / අභිරහස්
* මුල් නම: Mo sha

🎬 කතා සාරාංශය (Story Summary):

හිතන්නකෝ පොඩි කෙල්ලෙක් ඉස්කෝලේ යනවා… ඒත් ඒ ඉස්කෝලේ ඒකිව පට්ට විදිහට බුලී වෙනවා, ඒ කිව්වේ දරාගන්න බැරි තරම් කරදර වලට මූණ දෙනවා. 😥 ඉතින් අසරණ අම්මා තමන්ගේ දුවව මේ අපායෙන් බේරගන්න පුදුම ගේමක් දෙනවා. හැබැයි වැඩේ කියන්නේ, වටේ ඉන්න එකෙක්වත් කටක් අරින්නේ නෑ. 🤐 හැමෝම “අපිට මොකෝ” ගාණට ඇස් කන් පියාගෙන ඉන්නවා. ඉතින්, හැමෝම මෙහෙම කටවල් වහගෙන ඉද්දි මොකක් වෙයි කියලද හිතන්නේ? 😉 ඔන්න ඔය නිහඬකම තමයි මහා දරුණු ප්‍රචණ්ඩත්වයකට පාර කපන්නේ. බලන් ඉද්දිම ලොකු විනාශයක් වෙන එක නවත්තන්න කාටවත් පුළුවන් වෙයිද? 🧐

✍️ උපසිරැසියට ජීවය දුන් මගේ අදහස (My Opinion as the Subtitler):

මේ චිත්‍රපටියට උපසිරැසි ගන්වපු කෙනා විදියට මට මේක ගැන දැනෙන දේ තමා… මේක නිකන් වෙඩි තියාගන්න, ගහ මරාගන්න ෆිල්ම් එකක් බලාපොරොත්තුවෙන් නම් බලන්න එපා. මේක බලන කෙනෙක්ගේ හදවතටම වදින, හිතන්න ගොඩක් දේවල් ඉතුරු කරන කතාවක්. 🥺 විශේෂයෙන්ම අම්මගෙයි දුවගෙයි චරිත රඟපාන නිළියන් දෙන්නාගේ රංගනය… පට්ටම තාත්විකයි. ඒ දෙන්නා විඳින වේදනාව අපිටත් එහෙම්මම දැනෙනවා. 😥 සමාජයක් විදිහට අපි කොයිතරම් දේවල් දැක දැකත් නිහඬව ඉන්නවද කියන කාරණය මේ ෆිල්ම් එකෙන් හොඳටම මතු කරලා පෙන්නනවා. ඒක ඇත්තටම ඇඟට පතට දැනෙන පාඩමක්. 🧠 Mystery, Drama වලට කැමති, ටිකක් ගැඹුරින් හිතන්න යමක් හොයන කෙනෙක්ට මේක මඟහැරගන්න නම් එපා කියලයි මම කියන්නේ. අනිවාර්යයෙන් බලන්න! 👍

👨‍👩‍👧‍👦 දැනුම් දීම (Audience Guidance):

චිත්‍රපටයේ අන්තර්ගත මාතෘකා (Bullying, Violence) සංවේදී විය හැකි බැවින්, මෙය වැඩිහිටියන්ට වඩාත් සුදුසු නිර්මාණයකි. 🔞

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දිලූෂ දිසානායක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දිලූෂ දිසානායක

April 16, 2025


136
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login