The title of the page
365 repeat the year e01 e02 sinhala subtitles
8
97

365: Repeat the Year (2020) E01-E02 Sinhala Subtitles | නැවත පිහිටුවීම | සිංහල උපසිරැසි සමග |

  ඔන්න ඉතින් අළුතෙන්ම රිලීස් වුණ Kdrama එකකට තමයි අද උපසිරසි අරන් එන්නෙ. 2020 අවුරුද්දේ ආපු තවත් සුපිරි ගණයේ Kdrama එකක් තමා 365 Repeat of the year කියන්නෙ..👌❣️ තාම Ongoing Drama එකක්..මේ වෙද්දි එපිසෝඩ් 4 ක් ඇවිල්ලා තියනවා..තව එපිසෝඩ් 20 ක් එන්න තියනවා..පළවෙනි එපිසෝඩ් එකේ ඉදන් ම කුතුහලය නියමෙට තියනවා..පට්ටම Interesting Plot එකක් තියෙන්නෙ.. ගොඩක් කාලෙකින් තමයි මම ආයෙත් කොරියන් සීරීස් එකක් පටන් ගන්නෙ. මේ සීරීස් එක ගැන මුලින්ම කිව්වෙ සිතුම් ඉෂාර නැත්තං අපෙ කොරියන් පිස්සා 😅. හැමෝම වගේ දන්නවා ඇතිනෙ කොහොම පිස්සෙක්ද කියලා. 😁 ඊට පස්සෙ අසංක වීරසිංහ සහෝත් කිව්වා මේකට උපසිරසි කරමු කියලා.ඔන්න ඔය විදිහට අසංක සහෝ එක්ක එකතුවෙලා තමයි මේකට උපසිරසි අරගෙන එන්නෙ. ඒ වෙනකොට මමත් බල බල හිටපු සුපිරිම සීරීස් එකක් තමයි.😋 කොහොම හරි ඔන්න අද ඉඳන් අපි දෙන්නා මේ කතා මාලාවට උපසිරසි අරගෙන එනවා. කොරියන් සීරීස් වලට කැමති නම් අනිවාරෙන්ම බලන්න. ආයෙ කතා දෙකක් නෑ සුපිරිම Kdrama එකක් තමයි.

My Drama List එකේ 9.8 අගයකුත්, ගූගල් පරිශීලකයන්ගෙ 97% කැමැත්තකුත් ගන්න මේ Kdrama එක Fantasy / Mystery / Thriller ඝණයට තමයි වැටෙන්නෙ.

ස්ටෝරි එක ගැන කියනවා නම් මෙහෙමයි.

Ji hyung කියන්නෙ අපරාධ අංශයේ රහස් පරීක්ෂක කෙනෙක්..දවසක් අපරාධකාරයෙක් එක්ක වෙන සිදුවීමක් නිසා මෙයාගෙ හොදම යාලුවව මෙයාට නැතිවෙනවා. මාස ගානකින් මෙයා වැඩට යන්නෙත් නෑ. ඔය අතරේ මෙයාට ගෑනු කෙනෙක් Call එකක් දීලා කියනවා හෙට කෝච්චික් පීලි පැනලා අතතුරක් වෙලා මෙච්චරක් මැරෙනවා, මෙච්චරක් තුවාල වෙනවා කියලා. කොහොමහරි උදේ බලද්දි ඒක ඒ විදිහටම වෙලා. ආපහු මෙයාට කෝල් එකක් දීලා තැනකට එන්න කියනවා..

මෙතනට 10 දෙනෙක් එකතු වෙනවා. අර කෝල් කරපු මෙයාලට වටිනා අවස්ථාවක් දෙනවා, මෙයාලට හරියටම අවුරුද්දක් අතීතයට යන්න. මේකට කියන්නෙ Reset නැත්නම් යළි පිහිටුවීම කියලා. “365 Repeat of The Year” කියන නමෙන්ම ඒක කියවෙනවනෙ. ඒ කියන්නෙ ඉතින් මේක Tine Travel ඝණයටත් ගන්න පුළුවන්. කොහොම වුණත් ඉතින් ගොඩක් අය Time Travel වගේ සීන් තියෙන චිත්‍රපටි, රූපවාහිනී කතා මාලාවලට ගොඩක් ලොකු කැමැත්තක් දක්වනවනෙ. අන්න එයාලටත් ඉතින් මේක සෙට්.👌

මේකෙ Director තමයි Kim Kyung Hee. මේ Kdrama එක 2020 Mar 23 ඉඳන් 2020 Apr 28 වෙනිදා වෙනිකන් Episode දෙක දෙක රිලීස් කරනවා. අපිත් මේකෙ Episode දෙකම එකට දෙන්නෙ මොකද මේකෙ Episode දෙකකින් තමයි එක කොටසක් ඉවර වෙන්නෙ. ඒක හින්දා ඒ දෙකම බලන්න. මාරම කුතුහලයක් තියලා තමයි ඉවර කරන්නෙ. එතකොට මේක ප්‍රධාන චරිතවලට පණ පොවන්නෙ Lee Joon Hyuk, Nam Ji Hyun, Kim Jee Soo කියන සුපිරි නළු නිළියන් දායක වෙනවා.

මේ Kdrama එකත් එක්ක තවත් සුපිරිම ඝණයේ A Piece of Your Mind 2020, Memorist 2020, Rugal 2020 කතා මාළාවත් රැසක් රිලිස් වෙනවා. අන්න ඒවගෙන් එකක් තෝරගෙන තමයි ඉතින් මේ උපසිරසි අරගෙන එන්නෙ. එහෙනම් ඉතින් අද දිගටම මේ කතා මාලාවත් බලන්න කියලා ආරාධනා කරන ගමන් නවතිනවා. ඊලඟ කොටස් දෙකෙන් ඉක්මන්ට හමුවෙමු.

ඔබට ජය !

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්  සොමේශ් ජයරත්න සොහොයුරාට සහ අසංක වීරසිංහ සොහොයුරාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම්  ඔවුන්ගේ  අවසරය මතම සිදුවිය යුතුයි.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අසංක වීරසිංහ සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අසංක වීරසිංහ

April 19, 2019


78
Total Subtitles

24 comments

  1. ආයෙ ඉතින් සුපිරියක් තමා පටන් අරගෙන තියෙන්නෙ 🔥🔥🔥නියමයි.අනිත් එපිත් ඉක්මනට ගේමූ.🤗🤗ජය වේවා 🙏🙏

  2. ඩ්ලා+😉
    Cineru Family Member

    එලහ් කොල්ලො 👍👍

  3. Sthuthi bros

  4. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි මචං සබ් එකට 😊👍.. දිගටම සබ් දෙන්න..
    ජය වේවා.! 👊👊👊

  5. තෑන්ක්ස් මචෝ😘😘😘
    දිගටම සබ් දෙන්න 😍😍

  6. thank you sahooo sub ekata …. gdrta wela balanna tv series ekak nathuwa hitiye….. ithuru tikath ikmanta denna try karanna…

  7. මයිකි

    තැන්ක්ස් දැන් ඩව්න්ලොඩ් කලේ පලමු කොටස බලන ගමන් කතාව ලස්සනයි මදං. තැන්ක්ස් සබ් කලාට. එක දිගට බලන්න පටන් ගන්නවා මමත්. නොකඩවා දෙන්න සබ් ටික. එලම

  8. ස්තුතියි මල්ලි sub එකට
    තව තවත් ලස්සන කතා වලට sub කරන්න වාසනාව ලැබේවා ……

  9. danatha ep 8 awith neda . sub aka maru . thanks brother.

  10. Vishal Rajapaksha

    Sub ekata thanks bro
    Rugal ekatath puluwannam sub denna

  11. mekata paya bage episode thiyena video downlord karanne kohenda kiyala kiyanna puluwanda?

  12. නියම වැඩක්. ගොඩක් ස්තූතියි.

  13. ගොඩක් ස්තූතියි. නියම වැඩක්.

  14. බොහොම ස්තුතියි ඔබ කරන මේ මහගු කාර්යයට 💟💟

    උපසිරසි ලබා නොදුන් හොඳ චිත්‍රපටි තියෙනවා පහත පුද්ගලයන් ගේ

    Adam sandler
    Eddie murphy
    Martin lawrance
    Kevin hart
    Ice cube
    Will ferrel
    Vince vaughn

    මේ අයගේ පැරැණි හා නව චිත්‍රපට වල උපසිරසි ලබාදෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා…..

  15. Memorist sub dennako

  16. Dahami dharmamali
    Cineru Family Member

    how to download this episode

  17. Chamika Nethmini

    A piece of your mind

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login