The title of the page
Van Helsing 2016 S01E09 Sinhala Sub
Van Helsing 2016 S01E09 Sinhala Sub
6.2
91

Van Helsing S01E09 (2016) Sinhala Subtitles |වැම්පයර්වරුන් ගේ ලෝකය|සිංහල උපසිරැසි සමග

(Van Helsing S01E09 (2016) Sinhala Sub)

කෝ, ඇක්සෙල්.

එයාට එන්න බැරිවුණා.

ඇයි එයාට එන්න බැරිවුණේ.

වැනේසා, මං කියන දේ අහන්න, ගොර්මන් ඇක්සෙල්ව මැරුවා.

ඇක්සෙල් මැරුනා..

ඇක්සෙල් මැරුනා……..

මෙහෙම කියද්දී ඔයාලට මොකද හිතෙන්නේ මගේ යාළුවනේ, ඔන්න ඉතින් මේ වෑන් හෙල්සිං කතා මාලාවේ වැනේසගේ ආරක්ෂකයා උන ඇක්සෙල්ට මොකද උනේ. ඔයාලටත් ඒක කුතුහලයක් නේද? ඒක දැනගන්න නම් මං මේ පාර අරගෙන ආපූ වෑන් හෙල්සිං කතා මාලාවේ නවවෙනි එපිය අරගෙනම බලන්න වෙනවා. වෑන් හෙල්සිං ගැන තව දේවල් දැනගන්න ඕනේ නම් මෙතන ක්ලික් කරන්න..

හරි එහෙනම් අපි කලින් කතා මාලාව ගැන මතක් කර ගමුකෝ, කලින් එපියෙදී වැම්පයර්වරුන්ගේ ලොකු රහසක් එළිවෙනවා. ඒ මොකක්ද කියනවා නම්, වැම්පයර්වරුන්ට ළමයි බිහි කරන්න බෑ. ඒක නිසා රෙබේකා කාන්තාවන් යොදාගෙන එක එක විදිහේ පර්යේෂණ සිදු කරනවා. ඔය අතරේ ඇක්සෙල්ලා එයාලගේ ගමන ටික වෙලාවකට නතර කරනවා. ඔය වෙලාවේ පල්ලියක සීනූ හඬක් ඇහෙනවා, ඒකෙන් හැමෝම කලබල වෙනවා. පස්සේ ඔවුන් ආපහු ගමන පටන් ගන්නවා. ඔවුන් එදා දවස ගත කරන්න තැනක් හොයා ගන්නවා. ඔය අතරේ අර මොහොමඩ් කියන කළු කොල්ලා ඇක්සෙල්ලා ගිය පාරෙම එයාලව හොයාගෙන එනවා. ඇක්සෙල්ලා නතර උන තැනදී එයාලට ගොර්මන් කියලා කෙනෙක් මුන ගැහෙනවා. ඊට පස්සේ ඒ අය සේරම අළුත් නවාතැනක් හොයාගන්න පිටත් වෙනවා. ඔය අතරෙදි ඇක්සෙල්ලා පස්සෙන් ආපූ මොහොමඩ් කියන කළු කොල්ලට වැම්පයර්වරු හම්බ වෙනවා, මොහොමඩ් ඒ වැම්පයර්වරුන්ව මරලා දානවා. ඇක්සෙල්ලා කොහොම හරි අළුත් නවාතැනක් හොයාගන්නවා. ඒකේ දොර පුපුරවලා ඒකට ඇතුල් වෙනවා. හැබැයි අවාසනාවට වගේ එයාලා ඒකේ ඇතුලේ හිර වෙනවා. ඊට පස්සේ එයාලා සාදයක් පවත්වනවා, ඔය අතරෙදී ජෝන් වැනේසගේ යාළුවා උන සුසාන්ට බලහත්කාරකම් කරනවා, කොහොම හරි ජෝන්ව අල්ලා ගන්නවා. ඔය අතරෙදි ජෝන්ගේ ඇත්ත එළි වෙනවා, කලින් මිනීමැරුම් කරලා තියෙන්නේ ඔහු කියලා ඔප්පු වෙනවා. ඔහු සුසාන්ව ආපහු අල්ලාගෙන එතනින් පැනලා යන්න හදනකොට වැනේසා ජෝන්ට පහර දෙනවා, ඒ පහරදීම නිසා ජෝන් මැරෙනවා. ඔන්න ඔය විදිහට ඒ එපිය අවසන් වෙනවා.

මේ එපියෙන් මොකක්ද වෙන්නේ කියලා මං කියන්නම්, මං කලින් කිව්වනේ ජෝන් මැරුනා කියලා, එයාගේ මළ සිරුර ඇක්සෙල්ලා ගෙනියනවා කාමරයකට එතනදී ඇක්සෙල්ලට අමුතුම විදිහේ දෙයකට මුහුන දෙන්න වෙනවා, ඒ කාමරය ඇතුලේ මළමිනී ගොඩක් ගොඩගහලා තියෙනවා. ඔවුන් ඒවාගෙන් එකක් අරගෙන යනවා, ඩොක් ඒක පරික්ෂා කරලා බලනවා, ඇක්සෙල් ඔය අතරෙදී අනිත් මළමිනී වෙනත් තැනකට ගෙනියනවා එතනදී ඇක්සෙල්ට වැම්පයර්වරයෙක් පහර දෙන්න එනවා, ඇක්සෙල් ඒකෙන් බේරෙනවා. ඩොක් ඔය අතරෙදී විශේෂ දෙයක් හොයාගන්නවා, එයාලා ඉන්න අළුත් නවාතැනේ විකිරණශීලී වායුවක් තියෙනවා කියලා. හැමෝම එතනින් බේරිලා යන්න උත්සාහ කරනවා. මං මෙතනින් අදට නතර කරන්නම් එයාලට බේරිලා යන්න ලැබෙයිද, මං කලින් කිව්වා වගේ ඇක්සෙල් මැරෙයිද කියලා දැනගන්න ඕනේ නම් මේ සබ අරන් බලන්නම වෙනවා මගේ යාළුවනේ.

⭐⭐⭐ඩවුන්ලෝඩ් කරන ගමන් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා.⭐⭐⭐

හැමදාම ඉතින් මේ අයව නම් මතක් කරන්නම ඕනේ, අපේ ලොක්කා සමිත සහෝ, ඒ වගේම අපේ කවරය හදන පොඩි ලොක්කා අංජුල සහෝ, අනේ ඉතින් මට කොයි වෙලාවෙත් සබක් කරපන්, සබක් කරපන් කියලා මාව මේ තරම් දුරක් අරගෙන ආපූ දර්ශන සහෝ, ඒ වගේම අපේ සිනෙරු ටීම් එකත් මං මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. එහෙනම් දහවෙනි එපියෙන් නැවත මුනගැහෙමු.
හැමෝටම බුදු සරණයි!!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චානක තිලංක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චානක තිලංක

May 25, 2020


55
Total Subtitles

2 comments

  1. දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    හම්මෝ ඉතින්, ඔන්න ඇවිල්ලා හොල්මන. ඇයි පරක්කු බං? ඉක්මනට 50 ගහමුකෝ.

  2. චානක තිලංක
    Cineru Family Member

    අනිවා අනිවා 50 ඉක්මනට දෙනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login