The title of the page
Mortal Combat Legacy 2013 Sinhala Sub
Mortal Combat Legacy 2013 Sinhala Sub
7.5
65

Mortal Combat Legacy (2013) Complete Season 01 Sinhala Subtitles | සටන් ලෝකයේ උරුමය සොයා.! | සිංහල උපසිරැසි සමග |

මෝටල් කොම්බැට් : ලෙගසි කියන්නේ පූර්විකාවක්, මෙම චිත්‍රපට මාලාවේ චරිත කිහිපයක පසුබිම් කථා පැහැදිලි කරමින් සහ පළමු තරගය පදනම් උනු මෝටල් කොම්බට් තරඟාවලියට සහභාගී වීමට හේතු පෙන්වනවා. කථා සෑම එකක්ම විශේෂිත චරිතයක හෝ චරිතයක කතාව වෙනුවෙන් නිර්මාණය කරලා තියෙයි.

මොකෝ අවුල්ද? වෙනදා වගේ නැතුව පටන් ගත්තම. මෙහෙමයි ඔයාලා මගේ උපසිරැසි ඉතිහාසය බැලුවොත් ඒවගෙන් 95% විතරම තියෙන්නේ හොඳම රේටින් තියෙන නිර්මාණ. අර “ද ඩාර්ක් කින්ඩම්” කියම මගුල හැර අනිත් ඔක්කොම සුපිරිම මට්ටමේ ඒවා. ඉතින් කියන්න සතුටුයි මම හොඳ සන්ධිස්තානයක් පහු කරා. දැන් ඊලඟ එක

මේ වතාවේ මං අරන් ආවේ මේ මුලු ලෝකෙම පිස්සුවෙන් වගේ බලපු කතා මාලාවක ආරම්භය උන හැටි ගැන හදපු සුපිරි වෙබ් සීරීස් එකක්. මේක මතක ඇතුව 720p හෝ ඊට වඩා වැඩි කොලිටියෙන් බලන්න. එතකොටයි රස. හරියට කොරලි හොදියි, පොල් සම්බෝලයි, මයියොක්කා කොල මැල්ලුමුයි එක්ක කැකුලු හාල් බත් කනවා වගේ. ඒ තරම් රසයි. බේක නොබැලුවොත් නම් වැඩක් නෑ, නියමම එකක්. සටන් නම් සටන් මෙන්න. කවුරුත් නොබලා ඉන්න එපා.

ඔන්න ඉතින් මේ කතාවෙන් පස්සේ මං තනියම, මගේම කියලා ගේන්න හිතන් ඉන්නේ “සාලෙම්” සීසන් එක ඉතිරි ටික ඔක්කොම එකට. එතකොට ඒ අතරතුරේ ගේනවා ඩොකියුමන්ට්‍රි එකකුයි, බැට්මෑන් බෙයෝන්ඩ් එකයි. ඒවා එක එක එපිය විදිහටමයි එන්නේ. ඉතින් සාලෙම් සීසන් එක ඉවර උනාම, ද එක්ස්පන්ස් එක ඉතුරු කොටස් ඔක්කොම එකට ගේනවා. මොකද මොන සබ් ගැහුවත් ඒ පරණ ටික නියමයි. මාරම ලස්සනයි ඒ ටික. ඒනිසා ඒ ටික ආයේ ක්‍රියාකාරී කරනවා. 50දී කිව්වා වගේ සතියට 1ක් විතර සබ් ඒවි. ඒත් ඒකෙ සීසන් සම්පූර්ණයෙන්ම දෙනවා. ලබන සෙනසුරාදට මේකේ සීසන් 2 දෙන්නම්. ඒ අතරෙම අර ඩීසී සුපර් හීරෝ ගර්ල්ස් එකත් දෙන්නම්. එපි 10යේ වගේ කොටස්වලට කඩලා.

හරි එහෙනම් 01 සදහම් පුතා, 02 මගේ ආදරණීය නෝනා ලක්ෂ්මී, 03 ලොකු බොස් සමිත රමේශ් මල්ලි, 04 පොඩි බොස් අන්ජුල උමේශ් මල්ලි, 05 හිත හොඳ චානක තිලංක මල්ලී මෙන්න මේ අයට ගොඩක් පිං දෙන සපොර්ට් එකට. අලුතෙන්ම එන්න නියමිත ඇනිමේශන් එකක් එක්ක, නෙට්ෆ්ලික්ස්ලත් එක්ක ඉක්මනින්ම හමුවෙමු. ටික දවසක් යයි හොඳේ ආපහු එන්න.

එක අකුරකින් හරි කමෙන්ට් දාපු හැමෝටම ඉතින් ස්තූතියි, ස්තූතියි, ස්තූතියි. මොකද අපිට හයිය ඔයාලා තමයි. බුදු හාමුදුරුවන්ගේ, සදහම් දේශනාවේ, සංඝ රත්නයේ පිහිට, ආශිර්වාදය හැමෝටම ලැබේවා! ආයුබෝවන් හැමෝටම.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන හෙට්ටිවත්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන හෙට්ටිවත්ත

April 19, 2020


300
Total Subtitles

28 comments

  1. supiri brother tanx sub ekta

  2. දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    මම පුද්ගලිකවම කියන්නේ, පුලුවන් හැමෝම අරන් බලන්න. මේක නියමම සටන් වගේම සුපිරිම තාක්ශනයක්. ලස්සන කතාවක්.
    ඒ වගේම සමිත සහෝ මාර අමාරුවකින් මේ සබ් කෙරුවාවට දෙන සපෝර්ට් එක, අංජුල මල්ලිගේ බකප් එක නැත්නම් අපි හබක් තමයි. ස්තුතියි හොඳේ
    💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

  3. බොහෝම ස්තුතියි මේ ට්වි සීරියස් එක ගොඩක් ලස්සනයි වගේ . අනිවාර්යෙන්ම බලනවා . කියන්න වචන නැහැ මේ කරන උතුම් වූ වටිනා සේවයට .

    • දර්ශන හෙට්ටිවත්ත
      Cineru Family Member

      බොහොම ස්තූතියි සහෝ,
      මේක බලන්නම ඕනේ එකක්. . . !

  4. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි දර්ශන බ්‍රෝ සබ් එකට 😊👊..
    ජය වේවා.!

    • දර්ශන හෙට්ටිවත්ත
      Cineru Family Member

      මං සබක් දාපු ගමන් බලන් ඉන්නේ හශාන් සහෝගේ කමෙන්ට් එක කෝ කියලයි. ස්තූතියි මල්ලි

  5. අම්මොහ් තව එකක් කම්ප්ලීට්ම දීල ..සුපිරි නෙහ්..ඔහොම යං ❤️❤️

    • දර්ශන හෙට්ටිවත්ත
      Cineru Family Member

      ඔව් මධුවෝ, පොඩි පොඩි වෙබ් සීරීස් සෙට් එකක් හම්බූනා. ඒවා මේ සුපිරිම ෆිල්ම්වලට ගහපු සංක්ශිප්ත ඒවා. ඒ ටික දෙනවා ඉතින්. ස්තූතියි සහෝ කමෙන්ටුවක් ලියනවට

  6. Thanks bro for the support wish you all the best

    • දර්ශන හෙට්ටිවත්ත
      Cineru Family Member

      අපිට ඔයාලාදෙන සපෝර්ට් එකට ස්තූතියි සහෝ 💖💖💖💖💖

  7. Super sub gobakata ikmanata sub karanawa supiri thanks oyage ubauwata inna hemotama

    • දර්ශන හෙට්ටිවත්ත
      Cineru Family Member

      ස්තූතියි සහෝ. බොහෝම ස්තූතියි 💖

  8. චානක තිලංක
    Cineru Family Member

    මේ වගේ ෂෝ එකකට සබ් ගෙනාවට බොහොම ස්තූතියි මේ වගේ ෂෝ ගැන නම් ඉතින් කියලා වැඩක් නෑ සුපිරිම තමා ඒ වගේම තමා සබත් දෙවෙනි නෑ.

    • දර්ශන හෙට්ටිවත්ත
      Cineru Family Member

      හරි පව් ඉතින්. පහුවෙලා කමෙන්ට් දාලා ශේප් වෙන්නද බොල යන්නේ?

  9. පපට්ටයි ආ
    බොහොම 🙏

  10. Thanks මචං එලකිරි

  11. meke link nane site eke

  12. සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි

  13. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  14. R.D.Shavinda Keshan Rajapaksha

    thanks broooo ❤❤❤

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login