The title of the page
Kamarottu Checkpost 2019 Sinhala Sub
Kamarottu Checkpost 2019 Sinhala Sub
5.0

Marvel Rising: Initiation S01 Sinhala Subtitle | ගෝස්ට් ස්පයිඩර් | සිංහල උපසිරැසි සමඟ

(Marvel Rising: Initiation S01 Sinhala Subtitle)
ඔන්න යාළුවනේ, කාලේකට පස්සේ ඇනිමේශන් ෂෝ එකකට සබ් අරගෙන මං ආවා. මේක ගැන කිව්වොත් මේ ෂෝ එක Marvel.Rising.Initiation.SHORTS Tv Series මිනි ඇනිමේශන් ෂෝ එකක්. කොටස් හයකින් මේ කතා මාලාව සකස් වෙලා තියෙනවා. Shorts Disney Channel එකේ තමයි මේක විකාශනය වෙලා තියෙන්නේ. ඒ වගේම 2018 අගෝස්තු 13 වෙනි දින තමයි මේක නිකුත් වෙලා තියෙන්නේ. IMDb අගය 5.1 මේක ලබාගෙන තියෙනවා.
Marvel Rising: Initiation Poster
මේ සමාගම ගැන කවුරුත් දන්නවනේ, ඔව්, ඔව්, මේකත් මාර්වල් සමාගමට අයිති වෙන ෂෝ එකක්. මේක ටිකක් හදිස්සි නිසයි අනිත් සබ් කරන එක නතර කරලා මේක කලේ, ඇත්තෙන්ම කිව්වොත් මාර්වල් සමාගම ගැන මතක් කල නිසාම මං මේකත් කියන්න ඕනේ. මාර්වල් සමාගමට අයිති වෙලා තියෙන ඇවෙන්ජස් ෂෝ එකේ ඇවෙන්ජස් චරිතයක් විදිහට රංඟනයෙන් දායක උන විශිෂ්ඨ වූ නළුවෙක් අපි අතරින් සමු අරන් ගියා. මේ කෙනා තමයි අපෙන් සමු අරන් ගියේ.
BLACK PANTHER picturechadwick boseman

BLACK PANTHER

Chadwick Boseman( 1976-2020)
BLACK PANTHER කියන චරිතයට රංඟනයෙන් දායක උන චැඩ්වික් බොස්මන් කියන නළුවා තමයි අපෙන් සමු අරන් ගියේ, ඔහුගේ වියෝව ගැන මං පෞද්ගලිකව දුක් වෙනවා.😢😢😭 ඔහු අපෙන් වෙන්වෙලා ගිය එක මුලු මහත් ලෝක රසිකයින්ට විශාල පාඩුවක්. ඔහුට යහපතක්ම වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා.හොඳයි එහෙනම්, අපි මේ කතා මාලාව පැත්තට හැරෙමු. මේ කතා මාලාවට තේමාව වශයෙන් යොදාගෙන තියෙන්නේ හොස්ට් ස්පයිඩර් නමැති චරිතයයි. ඇගේ චරිතයේ අපි නොදැකපු පැතිකඩක් මේ කතා මාලාවෙන් නිරූපණය වෙනවා.
 
 
Ghost-Spider

මේ කතා මාලාවේ පළවෙනි කොටසෙන් මොකක්ද වෙන්නේ කියලා අපි බලමු, මේ කොටසෙදි වෙන්නේ හොස්ට් ස්පයිඩර්ගේ හොඳම යාළුවා උන කෙවින්ව මරපු මිනීමරුවාව හොයාගන්න ගිහිල්ලා හොස්ට් ස්පයිඩර්ට ලොකු කරදරයකට මුහුන දෙන්න සිද්ද වෙනවා. ඔය අතරෙදි ඇයව අල්ලා ගන්න නියෝජිතයන් දෙදෙනෙකු පැමිණෙනවා. අවසානයේදී ග්වෙන් එහෙම නැතිනම් හොස්ට් ස්පයිඩර් යාළුවන් එක්ක සංගීත කණ්ඩායමේ පුහුණුවීම් සිදුකරනවා. ඒ විදිහට ඒ කොටස අවසන් වෙනවා…………….

දෙවෙනි කොටසෙදී, ග්වෙන්ලාගේ සංගීත කණ්ඩායමේ පුහුණුවීම් හදිස්සියේම නතර කරනවා. ඊට පස්සේ එක් යාළුවෙකු හැර අනිත් දෙන්නම ගෙදර යනවා. ඒ දෙන්නගේ කතා බහා අතර තුර ග්වෙන්ට පරන මතකයන් මතක් වෙනවා. ඇයත් එතනින් ගියාට පස්සේ ග්වෙන් ආපහු හොස්ට් ස්පයිඩර් වෙලා එයාගේ මිතුරාගේ මිනීමරුවාව හොයාගන්න පිටත් වෙනවා, ඔය අතරෙදි මං කලින් කිව්ව නියෝජිතයන් දෙදෙනා අතර හිටිය නියෝජිත ලූකස් ඇයට පහර දෙනවා හැබැයි කොහොම හරි ඇය එතනින් පැනලා යනවා. ඔය විදිහට ඒ කොටසත් අවසන් වෙනවා…..

තුන්වෙනි කොටසෙන් සිද්ද වෙන්නේ, හොස්ට් ස්පයිඩර්ට තවත් අළුත් සුපිරි වීරයින් දෙදෙනෙකු මුණ ගැහෙනවා, එතනදි හොස්ට් ස්පයිඩර්ට ලොකු කරදරයකට මුහුණ දෙන්නත් සිද්ද වෙනවා. අවසානයේදී ඒ දෙදෙනා එක්ක හොස්ට් ස්පයිඩර් රංඩුවකට පැටලෙනවා. එහෙම තමයි ඒක ඉවර උනේ.

හතරවෙනි කොටසෙදී, ඒ සුපිරි වීරයන් එක්ක හොස්ට් ස්පයිඩර් දරුණු විදිහට සටන් කරනවා කොහොම හරි හොස්ට් ස්පයිඩර්  ඔවුන් දෙන්නව හිර කරලා එතනින් පැනගන්න උත්සාහ ගන්නවා, ඒත් ඔවුන් දෙන්නා ඒකෙන් ගැලවෙනවා. ඊට පස්සේ ආපහු හොස්ට් ස්පයිඩර්ට පහර දෙනවා. හොස්ට් ස්පයිඩර් ඒ දෙන්නව නතර කරන්න කොච්චර උත්සාහ ගත්තත් ඒක හරියන්නේ නෑ, අවසානයේදී කොහොම හරි හොස්ට් ස්පයිඩර්ව ඒ දෙන්නට අහු වෙනවා. ඔය විදිහට ඒ එපිය අවසන් වෙනවා.

පස්වෙනි කොටසේදී, හොස්ට් ස්පයිඩර්ව අහු උනාට පස්සේ ඇයගේ විස්තර අර සුපිරි වීරයින් දෙන්නා අහනවා. එතනදී හොස්ට් ස්පයිඩර් ඇය කවුද, ඇය මොනවා ගැනද හොයන්නේ කියන දේවල් ඔවුන්ට කියනවා. කොහොම හරි ඔවුන් හොස්ට් ස්පයිඩර් කියපු දේවල් විස්වාස කරලා ඇයගේ මිතුරන් බවට පත්වෙනවා. ඔය අතරෙදී හොස්ට් ස්පයිඩර්ට කලින් පහර දුන්න නියෝජිත ලූකස් ඇයව හොයාගෙන එනවා, ඒ නිසා හොස්ට් ස්පයිඩර් එතනින් පැනලා යනවා. ඔය විදිහට ඒකත් ඉවර වෙනවා.

අවසාන කොටසෙදී, නියෝජිත ලූකස් හොස්ට් ස්පයිඩර්ව හොයාගන්නවා, එතනදී ඇය පැනලා යන්න උත්සාහ ගන්නවා ඒත්  නියෝජිත ලූකස් ඇයට පැනලා යන්න ඉඩ දෙන්නේ නෑ, ඔවුන් දෙදෙනා අතර සටනක් ඇති වෙනවා, ඔය අතරෙදී ජොන්සන් නමැති අනිත් නියෝජිතවරිය පැමිණෙනවා, ඇයගේ පහරදීම නිසා හොස්ට් ස්පයිඩර් අහු වෙනවා. ඊට පස්සේ හොස්ට් ස්පයිඩර්ව කැප්ටන් ස්ටේසි ළඟට අරගෙන යනවා. කොහොම හරි ජොන්සන් නියෝජිතවරියගේ උදව්ව නිසාවෙන් හොස්ට් ස්පයිඩර් එතනින් පැනගන්නවා. අවසානයේ මොකක්ද වෙන්නේ, හොස්ට් ස්පයිඩර්ට මොන වගේ අභියෝගද එන්නේ කියලා දැනගන්න නම් මේ කතා මාලාව අරගෙනම බලන්න වෙනවා.

විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ, අපේ මේ සිනෙරු සයිට් එකේ ඉහළින්ම ඉන්න කෙනා අපේ සමිත සහෝ, ඒ වගේම තමන්ගේ කාලය කැප කරලා අපේ මේ සබ් වල කවරද හදන අංජුල සහෝ, මෙන්න මට වැදගත්ම කෙනා, මෙයා නිසා තමයි මං මේ සබ් හදන වැඩේට යොමු උනේ දර්ශන හෙට්ටිවත්ත සහෝ, ඒ විතරක් නෙමෙයි අපේ සිනෙරු ටීම් එකත් මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. තව දෙයක් තියෙනවා මේ සුපිරි වීර චරිතය ඉන්න ෂෝ වගයකට අපේ මේ දර්ශන සහෝ සබ් ගේන්න ලෑස්ති වෙලා ඉන්නවා. එහෙනම් කස්සියම කොමෙන්ට් හලන් යන්න. අළුත් සබකින් ආපහු හමුවෙමු.

හැමෝටම බුදු සරණයි!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චානක තිලංක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චානක තිලංක

May 25, 2020


55
Total Subtitles

31 comments

  1. DC superhero girl 2019 tv series subtitles dennko plz please

  2. DC superhero girl 2019 tv series subtitles dennko plz please thanks sub ekata

  3. හම්මෝ, එළම තමයි. හරි dc super hero girls එකට සබ් දෙන්නම්.
    චානක එහෙනම් දැන් 22යි ආ? 50 ගහයිනේ ලඟදීම. මං සප් එක දෙන්නම් සහෝ

  4. බොහොම ස්තුතියි සහෝ. තවත් සුපිරි ඇනිමේෂන් ටිකකට සබ් අරන් එන්න❤️❤️❤️

  5. Thanks bro mulu paulatama

  6. බොහොම ස්තුතියි මේ කාටුන් සිරියස් එක ගොඩාක් ලස්සනයි වගේ අනිවාර්යයෙන්ම බලනවා .

    • චානක තිලංක
      Cineru Family Member

      බොහොම ස්තූතියි සහෝ කමෙන්ට් එකට මේක නියම ඇනිමේශන් මිනි සීරිස් එකක්.

  7. චානක තිලංක
    Cineru Family Member

    බොහොම ස්තූතියි කොමෙන්ට් වලට මට කලිනුත් dc superhero girls එකට සබ් ගේන්න කිව්වා ඒත් බැරිවුණා. මං ඒකටත් සබ් අරගෙන එන්නම්, මෙච්චර ඉල්ලීම් කරද්දි ඒක අහක දාන්නත් බෑනේ.

  8. Yasiyabro
    Cineru Family Member

    Fatta Bro

  9. චානක තිලංක
    Cineru Family Member

    Thanks bro

  10. මචං බොහොම ස්තුතියි මේකේ එක සීසන් එකද තියෙන්නේ

    • ඔව් සහෝ, ෆිලුම් නම් සෙට් එකක් තියෙයි. ඉක්මනින්ම දෙන්නම්. ඒ ටික කරන්නේ මං. මාර්වල් හෝ ඩිසී නම් මම හරිම ආසයි. අනික ඉංග්‍රීසි, ඇනිමේශන්, ඩොකියුමන්ට්‍රි කරන අයත් අඩු නිසා මම ඒ පැත්තට යන්න හිතුවේ

  11. චානක සහෝ ඩීසී සුපිරි කෙල්ලොන්ගේ සීසන් 1 දෙමිද සම්පූර්ණයෙන්ම එක පාරම?

  12. thanks chanka and barshana

  13. නිසඟි🧞

    මේක මාරම ලස්සනයි. මේකේ චිත්‍රපටි ටිකකුත් තියෙයි. ඒ ටිකත් දෙන්නකෝ මෙ එක්කම

  14. චානක තිලංක
    Cineru Family Member

    අපේ දර්ශන සහෝ තමයි ඒවා කරන්න හිතාගෙන ඉන්නේ එයා ඉක්මනටම ඒවට සබ් අරගෙන එයි.

    • දර්ශන හෙට්ටිවත්ත
      Cineru Family Member

      නෑ සහෝ, ඔයාම කරන්න ඉතින්. කට්ටිය ආසයිනේ ඔයාගේ සබ් බලන්න 😋😋😋😋😋😋

  15. Elma Sahoo

  16. චානක තිලංක
    Cineru Family Member

    Thanks sahoo

  17. ADE KO BAN DIREKT LINK NADDA BAN

  18. Marvel’s Spider Man Sub Oneee

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login