The title of the page
when the weather is fine E01
7.9
96

When The Weather Is Fine S01E01 Sinhala Subtitles |විලෝ ගස් අතරින් හමන සුළඟ|සිංහල උපසිරැසි සමඟ

ඔන්න මගේ පලවෙනි සිංහල උපසිරැසි ගැන්වීම විදියට තවත් ලස්සන කොරියානු කතා මාලාවක් ආරම්භ කරන්නයි යන්නේ..මේකේ නම When the Weather is Fine..සිංහලෙන්ම කියනවනම් “කාලගුණය යහපත් වූ විට” කියලා කියමුකෝ..ඉතින් Episode 16ක් තියෙන මේ කතාව විකාශය වුනේ 2020 පෙබරවාරි මාසේ ඉදන් අප්‍රේල් මාසේ වෙනකම්..කොහොම හරි මේ කතාවට IMDb දර්ශකයේ අගය 7.9/10 දක්වා කරකවගන්න පුලුවන් වෙලා තියනවා..ඒ වගේම ගූගල් පරිශීලකයන්ගෙන් 96% කගේ කැමැත්ත මේ කතාමාලාවට ලැබිලා තියනවා..මේ කතාවේ ප්‍රධාන කාන්තා චරිතය වන මොක් හේ වොන්ට පණ පොවන්නේ පා(ර්)ක් මින් යොන්ග් (park min young). ඇය city hunter, sungkyunkwan scandal වැනි ජනප්‍රිය කතා මාලාවල ප්‍රධාන කාන්තා චරිතද රග දක්වා ඇත. ප්‍රධාන පිරිමි චරිතය වන ලිම් යුන් සොප්ට රංගනයෙන් දායකත්වය සපයන්නේ සෝ කන්(ග්) ජූන් (seo kang joon).

එහෙනම් පලවෙනි එපිසෝඩ් එකේ කතාව පැත්තට පොඩ්ඩක් හැරිලා බලමු..

මොක් හේ වොන් එයාගේ නැන්දගේ ගෙදරට එන දර්ශනයකින් තමා කතාව පටන් ගන්නේ. ඇකඩමියක ගුරුවරියක් වන හේ යොන් සෝල් වල ඉදන් එයාගේ නැන්දලාගේ ගෙදර එන්නේ එයාගේ රස්සාවත් අතඇරලා. අමිහිරි සිදුවීම කීපයකට මූණ දෙන හේ වොන්ට ලොකු කලකිරීමක් ඇති වෙනවා. මේ නිසා තමා ඇය ඇගේ කාර්යබහුල ජීවිතයට විවේකයක් දෙන්න හිතන්නේ. සැහැල්ලූ ජීවිතයක් ගත කරන ලිම් යූන් සොප් සුභ රාත්‍රියක් පොත්හල නම් පොත්හලේ හිමිකරුද වෙනවා. හේ වොන් ගේ පැමිණීමත් සමග යුන් සොප් ගේ ජිවිතය වෙනස් වෙයිද? යුන් සොප් හමුවීමෙන් හේ වොන්ගේ කලකිරීම නැතිවෙයිද? මේ ප්‍රශ්න වල්ට උත්තර දැනගන්න නම් කතාව බලන්නම වෙනවා…

එහෙනම් අදට මම ගිහින් එන්නම්..ඊලඟ එපිසෝඩ් එකෙන් ඉක්මනටම හම්බවෙමු..හැමෝ⁣ටම බුදු සරණයි..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුනිකා මංචනායක සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චතුනිකා මංචනායක

September 2, 2020


162
Total Subtitles

10 comments

  1. බොහොම ස්තූතියි උපසිරැසියට..බලාගෙන හිටිය එකක් ❤️

  2. බලන්න අපි ලෑස්තියි.
    පුළුවන් ඉක්මනට එපිසෝඩ් ඔක්කොම එවන්න සබ්ටයිටල් හදලා

  3. පලමු උපසිරසියට සුබපැතුම් සහොදරිය ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා ජය වේවා

  4. කොරියන් කතාමාලාවකට උපසිරසට කළාට ගොඩාක් ස්තුතියි 🙏
    තව උපසිරස කරන්න ශක්තිය ලැබෙන්න!!!!!!

  5. කොරියානු කතාමාලාවකට උපසිරස ලබා දුන්නාට ගොඩාක් ස්තුතියි 🙏

  6. Patta a
    Congratulations sis

  7. බොහොම ස්තූතියි මේ කතාවට සබ් කරනවට.අනිත් එපිත් ඉක්මනට බලාපොරොත්තු වෙනවා..ජය වේවා 🤗🤘😘

  8. Thank you so much for the subtitles…. anith tikath ikmanta denna

  9. ගොඩාක් ස්තුතියි ලස්සන කොරියන් ට්වි සිරියස් එකක් වගේ අනිවාර්යයෙන්ම බලනවා .

  10. කොරියානු කතා මාලා ගොඩාක් නරබපු එකම වෙබ් සයිට එක සිතූතියි cineru.lk ඒ වගේම මහන්සි වෙලා අපිට මේ වගෙ කොරියානු කතාමාලාවක් ගෙන ආ
    Madushan Priyankara ස්තුතියි 🙂

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login