The title of the page
Mr.Bean Sinhala Sub
Mr.Bean Sinhala Sub
8.5

Mr.Bean (1990)-(1995) Complete Season Sinhala Subtitles |බීන්ගේ හොඳම ටික|සිංහල උපසිරැසි සමඟ

(Mr.Bean (1990)-(1995) Complete Season Sinhala Sub) හොඳයි ඉතින් කවුරුත් දන්නවනේ මිස්ටර් බීන් කිව්වම ලෝකෙම හිනස්සපු ඒ විශිෂ්ඨයා ගැන. මොනවා අමුතුවෙන් කියන්න්ද ඉතින්? එතුමා තමයි මං දැකපු හොඳම හාස්‍යෝත්පාදක මහා රංගධරයා. අපේ රටෙත් ඉන්නවා සමහර විහිලුකාරයෝ, ඒ විහිලුවලට හිනා යන්නේ නෑ බලෙන් හිනාවෙන්න වෙනවා. අනික කට ඇරියොත් කුනුහරුප. ඒවගේ ගොං ආතල් සෙට් එකට මෙතුමගේ ෆිල්ම් ටිකක් වත් පෙන්නලා හදාගන්න තිබ්බා නම් මරු.


කවුද මේ බීන්?

රෝවන් සෙබස්තියන් ඇට්කින්සන් – උපත 1955 ජනවාරි 6 දිනයි. ඔහු ඉංග්‍රීසි නළුවෙක්, විකට නළුවෙක් සහ ලේඛකයෙකි. 2007 දී බ්‍රිතාන්‍ය ප්‍රහසන චිත්‍රපටයේ විනෝදජනක නළුවන් 50 දෙනාගෙන් එක් අයෙකු ලෙස ඇට්කින්සන් ද ඔබ්සර්වර් හි ලැයිස්තුගත කරන ලදී. ඔහුගේ වෘත්තීය ජීවිතය පුරාම ඔහු තිර රචක රිචඩ් කර්ටිස් සහ නිර්මාපකයෙකු වන හොවාර්ඩ් ගුඩාල් සමඟ සහයෝගයෙන් කටයුතු කර ඇති අතර ඔවුන් දෙදෙනාම 1970 දශකයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාල නාට්‍ය සංගමයේ දී හමු විය. ඔහුගේ 1981 BAFTA ට අමතරව, ඇට්කින්සන් 1981 දී වෙස්ට් එන්ඩ් රඟහල වෙනුවෙන් ඔලිවියර් සම්මානයක් ද ලබා ගත්තේය. බීන් මහතා (1997) සහ බීන්ස් හොලිඩේ (2007) යන චිත්‍රපටවල සහ ජොනී ඉංග්‍ලිශ් චිත්‍රපට මාලාවේ (2003–2018) ඔහුගේ රංගනයන් සමඟ ඔහු සිනමාත්මක සාර්ථකත්වයක් ද ලබා ඇත.

ඇට්කින්සන් ඔක්ස්ෆර්ඩ් සරසවියේ සිය ශාස්ත්‍රපති උපාධිය හදාරමින් සිටියදී මුලින් වර්ධනය කරන ලද චරිතයක් මත පදනම්ව, බීන් මහතා පිළිබඳ කතා මාලාව කේන්ද්‍රගත වෙලා තියෙනවා. ඇට්කින්සන් විසින් විස්තර කරන ලද්දේ “වැඩුණු මිනිසෙකුගේ ශරීරයේ දරුවෙකු සිටිනා” ලෙසිනුයි. එහි මුල් පස් අවුරුදු ධාවන කාලය තුළ බීන් මහතාට පුළුල් පිළිගැනීමක් ලැබූ අතර විශාල රූපවාහිනී ප්‍රේක්ෂකයින් පිරිසක් ආකර්ෂණය කර ගත්තා. මෙම කතා මාලාවේ “ද ට්‍රබල් විත් මිස්ටර් බීන්” කථාංගය මිලියන 18.74 ක් නරඹා ඇති අතර රෝස් ඩි ඔර් ඇතුළු ජාත්‍යන්තර සම්මාන ගණනාවක් ලබා ගෙන තිබුනා. මෙම කතා මාලාව ලොව පුරා ප්‍රදේශ 245 ක අලෙවි වී ඇති අතර රංගනය ඉතා බුද්ධිමත් ලෙස භාවිතා කිරීම නිසා ඉංග්‍රීසි ගැන අඩු දැනුමක් ඇති අයටත් එය නරඹන්න හැකි උනා. රෝවන් ඇට්කින්සන් සහ රිචඩ් කර්ටිස් විසින් මෙය නිර්මාණය කරන ලද අතර එය ටයිගර් ඇස්පෙක්ට් විසින් නිෂ්පාදනය කරා. ඇට්කින්සන් ප්‍රධාන චරිතය රඟපෑවා. කර්ට්ටිස් සහ රොබින් ඩ්‍රිස්කොල් සමඟ ඇට්කින්සන් විසින් රචනා කරන ලද කථාංග 15 කින් මෙම වාණිජ්‍යය සමන්විත උනා. එය සම-ලියා ඇත්තේ බෙන් එල්ටන් විසින්. මෙම කතා මාලාව මුලින් අයිටීවී ඔස්සේ විකාශය වූ අතර එය 1990 ජනවාරි 1 වන දින සිට ආරම්භ වී 1995 දෙසැම්බර් 15 වන දින අවසන් උනා.

ඉතින් ඔන්න මේක සිංහල උපසිරැසි එක්ක අරං ආවා. හැමදාම වගේ පළවෙනි වතාවට තමයි මේකට සිංහල උපසිරැසි දෙන්නේ සයිට් එකකින්. ඉතින් අපි කොයි තරම් සබ් දුන්නත් ඔයාලගේ වචනේ නැත්නම් අපිට මේක කරන්න බෑ. ඉතාම ඉක්මනින් මගේ අවර් ප්ලැනට් ඩොකියුමන්ට්‍රිය ඉවර වෙනවා. ඊට පස්සේ ඕං හඳට යන්නයි, ටයිටැනික් බලන්නයි, මුහුදු පතුලට යන්නයි හිතන් ඉන්නවා. ඒවගේම ලඟදී සයිට් එකට එකතු වෙලා මම දැන් මගේම කැටගරියක් හදන් ඉන්නවා. වාර්තාමය කියලයි, ඇනිමේශන් කියලයි. ඉතින් මම දිගටම හොඳ රේටින් තියෙන මේ වගේ සබ් දෙනවා. කවුරුත් නොදීපු අපි ආස ඒවා. සමිත සහෝ, අංජුල සහෝ මාර සප් එකක් දෙනවා. අලුත් කියලා නොබලා ඔං අපිව එලයිට් එකටත් සෙට් කරගත්තා. ඒකේ සීසන් 03ත් ඔන්න මෙන්න එන ගමන්. අර මොකක්ද විභාගයක් දාලා ඒකට පාඩම් කරන්න කියලා මගේ ආදරණීය බිරිඳ නොවඳිනා වැඳුම් වඳිනවා. ඒ අස්සේ මේවා ගහලා ඉවර වෙනකොට පාන්දර 12 ,1 ,2 වෙනවා. කීයට නිදාගත්තත් පාන්දර 3ට මගේ සදහම් පුංචි එලාම් එක බෙල්ලේ එල්ලිලා, පිට උඩ නැගලා ඇහැරවනවා. වැඩට ගියාම නින්ද යනවා. අන්න එහෙමයි අපි මේ සබ් ගේන්නේ. අපේ චානක වහලයක් ගහන අතරේ මෙන්න මම එයාට සබ් එකක් බාර දෙනවා. ඉතින් ඔයාලා චූට්ටක් හරි ඒ ගැන හිතලා අපිට සපෝර්ට් එකක් දෙනවා නම් මරු.

Hashan M Priyadarshana, Kantha DLA, Arawinda Sunimal, Vishnuka Mihin, Pradeep ඇතුලු තව නම් සඳහන් නොකරපු හැමෝටම ස්තූතියි. ඔයාලාගෙ කමෙන්ට් මාර වටිනවා මට නම්. මේකත් එක්ක මං හිතන්නෙ මම 47ක් විතර සබ් දාලා තියෙයි. 50ට විශේෂයක් කරන්නත් එපැයි නේද? හොඳයි තව කොටම කොට විනාඩි 5හේ 6යේ වගේ චූටි එපි ටිකක් තියෙන මාර්වල් වෙබ් සීරීස් එකක් දෙනවා ඉක්මනින්ම. ඒක දෙන්නම වෙනවා ඊලඟ ෆිල්ම් සෙට් එක දෙන්න නම්. හොඳයි ඔන්න දුන්නු පොරොන්දු කවදාවත් කඩ නොකර දිගටම සබ් දෙනවා මම අමාරුවෙන් උනත්. ඔයාලට මොකක් හරි අවුලක් හෝ නරකක් හෝ හොඳක් කියන්න තියෙයි නම් පුද්ගලිකව [email protected] එකට ඊමේල් එකක් එවන්න. රිප්ලයි එවනවාමයි. කමෙන්ට් දැම්මොත් රිප්ලයි කරනවාමයි. එහෙනම් හිනාවෙන්න, හිනාවෙන්න, හිනාවෙලාම ඉන්න. හැමෝටම බුදු සරණයි, සදහම් සරණයි, සඟ සරණයි!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන හෙට්ටිවත්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන හෙට්ටිවත්ත

April 19, 2020


300
Total Subtitles

19 comments

  1. සබ් එකට ස්තූතියි සහෝ…❤️🔥

  2. Hashan
    Top Fan ⭐⭐⭐

    හම්මෝ මිස්ට බීන් 😉 බඩ කොරවෙනකන් හිනාවිල්ලක් තමා තියෙන්නෙ 😁😂
    බොහොම ස්තුතියි සබ් එකට දර්ශන බ්‍රෝ 😊👊👊

  3. Hashan
    Top Fan ⭐⭐⭐

    මං නම් කියන්නෙ මේ සබ් කරන වැඩ ටිකකට පැත්තකින් තියල අර විභාගෙට සූදානම් වෙන්න කියල දර්ශන සහෝ මොකද ඒව හරි වටිනවා මං දන්නෑ ඒක මොන වගේ විභාගයක්ද කියල ඒත් කරන රස්සාවෙන් ඉහලට යන්න උනත් උදව්වක් වෙන්න පුළුවන් ඒ විභාගෙ එහෙම නැත්තං ජීවිතේට වෙන විදිහකින් උදව්වක් වෙන්න පුළුවන් ඒක 😊 අපි වෙනුවෙන් සබ් ගහනව වගේම විභාග එහෙමත් සාර්ථකව කරගන්න බ්‍රෝ.. මේ comment එක approve කරන්න ඕන නෑ දර්ශන සහෝදරයා දැක්ක නම් ඇති 😊

  4. පට්ටයි මචො උබේ මහන්සියට තැන්ක්ස් බං. සබ ඩව්න්ලොඩ් කලා. Exam එකත් ගොඩ දා ගනින්. තව කව අලුත් සබ් කරන්න. Elite අනිවා ඉක්මනින් සබ හදහන්. එලම ජයවෙවා බං උබට

  5. අම්මෝ නියමයි සහෝ.සුපිරි වැඩක් තමා😘

  6. චානක තිලංක
    Cineru Family Member

    ෂා පට්ට සහෝ මේක නම් මරු හිනාවෙලා පනත් යනවා මේකට සබ දුන්නට ස්තුතියි සහෝ

  7. අපේ රසවින්දය වෙනුවෙන් ඔයාලගෙ මහන්සිය සහ කැපවීමට ගොඩක් ස්තූතියි

  8. Darshana sampath sandaruwan

    super machan

  9. මිලින්ද ප්‍රියලාල්

    සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි ♻️

  10. විස්තරේ කියෙව්වහම comment එකක් නොදා යන්නේ කොහොමද හිත හදාගෙන 😘 ඇත්තටම බොහොම ස්තූතියි බන් මෙහෙම කවුරුත් නොකරපු සබ් කරනවට..දිගටම හොද වැඩ ටිකක් කරමු ❤ ජය වේවා 🌸💪

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login