The title of the page
7.1
97

Nightmare Teacher (2016) E01-E02 Sinhala Subtitle | කිම් සොල් ගීගේ තනිකම | සිංහල උපසිරැසි සමඟ

ඉස්සරලම කියන්න ඕන මේක මගේ පළවෙනි කොරියානු උපසිරැසි ගැන්වීම.. ඒ නිසා අඩුපාඩු තියෙන්න පුලුවන්.. ඒකට සමාව ඉල්ලනවා.. අඩුපාඩු අවම වෙලා Original Feeling එක දැනෙන විදිහට උපසිරැසිය කරන්න මම හුගාක් මහන්සි වුණා..

අද මම ඔයාලට අරගෙන ආවේ 2016 අවුරුද්දේ නිකුත් වුණ කොරියානු කතාමාලාවක්.. ඒත් මේ කතාමාලාව කොරියාවේ Telecast වුණේ නම් නැහැ.. Broadcast කරපු කතාමාලාවක්..මේක Episode 12කින් සමන්විත Mini series ගණයට වැටෙන කතාමාලාවක්.. එක Episode එකක් මිනිත්තු 15-20 අතර ධාවන කාලයක් තමා තියෙන්නේ.. ඒ නිසා එක හුස්මට බලල ඉවර කරන්න පුලුවන්.. මේකෙ ප්‍රධාන නිලියට ඉන්නේ Kim So Hyun. ඒ කියන්නේ මෑත කාලයේ හුගාක් අය බලපු, ආසා කරපු Love Alarm කතාමාලාවේ ජෝ ජෝට පණපොවන කෙනා.. එහෙම කීවාම හුග දෙනෙක් Kim So Hyunව දන්නවා..

අපි පොඩ්ඩක් කතාව පැත්තට යමු,
පාසලක එක් පංති කාමරයක් වටා තමයි මුලු කතාවම ගලාගෙන යන්නේ..පාසලට අලුතින් ගුරුවරයෙක් එනවා..ඊට පස්සේ අමුතු අමුතු සිද්ධීන් දාමයක් සිද්ධ වෙනවා..ළමයින් අතුරුදහන් වෙන්න පටන් ගන්නවා..මේ අතුරුදහන් වෙන ළමයින්ට එක් පොදු වුණ කාරණාවක් තියෙනවා..ඒ තමයි හැමෝටම මොකක් හරි ලොකු ප්‍රශ්නයක් තියෙනවා..
ඒ වගේම ඒක විසදගන්න මේ හැමෝම උපදේශන කාමරයටත් ගිහින් තියෙනවා..එතනින් පස්සේ තමා හැමදේම වෙනස් වෙන්නේ..
පුදුම හිතෙන දේ කියන්නේ මේ ළමයි අතුරුදහන් උනාම පංතියේ අනිත් ළමයින්ට මතක නෑ එහෙම ළමයෙක් පංතියේ හිටියදවත් කියලා..
ඒත් සිද්ධ වෙන පොඩි පොඩි සිද්ධීන් වගයක් නිසා, පංති නායිකාව වෙන යේ රිම්ට සහ එයාගේ පෙම්වතා වෙන සේඕ සන්ග් වූට විතරක් මේ ගැන සැකයක් මතු වෙනවා..
මීට වඩා කතාව කියලා කුතුහලය නැති කරන්න මන් කැමති නැහැ..එහෙනම් කවුද අතුරුදහන් වෙන්නේ, මොකටද අතුරුදහන් වෙන්නේ, එයාලා ඒවගෙන් බේරෙනවාද, බේරෙනවා නම් ඒ කොහොමද..කියන ප්‍රශ්න ටිකට උත්තර හොයාගන්න මේ කතාමාලාව නරඹන්නම සිද්ධ වෙනවා..
එහෙනම් ආයෙත් මෙවැනිම ලස්සන උපසිරැසියකින් හමුවෙමු.. ඔබට ජය..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුපුන් සදීප

July 14, 2020


78
Total Subtitles

6 comments

  1. නියමයි තවත් කොරියන් ඩ්‍රාමා එකක්
    සබ් එකට ගොඩක් තෑන්ක්ස්.
    දිගටම සබ් දෙමු…….ජය වේවා…..

  2. නියමයි කොල්ලා..දිගටම සබ් ටික දෙමු ❤️

  3. thankss bro digatama sub denna

  4. Sub එකට තෑන්ක්ස්!
    future man tv series එකට කවුරැවත් sub දීලා නෑ ඔයාවත් දෙන්නකෝ plz!

  5. බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම දිගටම සබ් දෙන්න සම්පුර්ණ කතාවම.

  6. Krishani
    Cineru_users

    Thank you 💜️ 💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login