The title of the page
Salem S01E03 Sinhala Sub
Salem S01E03 Sinhala Sub
7.5

Salem S01E03 (2014) Sinhala Subtitles |හැඟීම් සමඟ සෙල්ලම්| සිංහල උපසිරැසි සමග

ඔන්න එහෙනම් පොඩි විවේකයක් අරන් එහෙම ආයෙත් ආවා සාලෙම් එක්ක. ටිකක් පරක්කු උනාට සමාවෙන්න ඕනේ. මේ පාර සාලෙම් ගැන නම් සතුටුයි. කමෙන්ට් ටිකක් තියෙයිනේ. හැබැයි බැටා නම් දුකෙන්. ඩවුන්ලෝඩ්, කමෙන්ට් මදි හොඳටෝම. කොහොම උනත් පොඩි පොඩි පරක්කුවීම් උනත් ඔන්න මේ සතියේ ඉඳන් අලුත් ටීවී සීරීස් දෙකක් එකතු වෙනවා.

අද සාලෙම් තුන්වෙනි එපිය. ඊලඟට බැට්මෑන් බෙයෝන්ඩ් තුන්වෙනි එපිය. ඊට පස්සේ SCI-FI ටීවී සීරීස් එකක් එනවා. අවසානෙට අපි වෙන ලෝකවලට ගියත් නොදැකපු සැඟවුනු සුන්දරත්වයක් සහිත පෘතුවියේ ලස්සන පෙන්නන “වාර්තාමය” ටීවී සීරීස් එකක් එනවා. ඔහොම සතියකට කොටස් හතරක් එනවා මේ සතියේ ඉඳන්. ඉතින් ඔයාලාගේ ඉල්ලීම් හා අදහස් අනූව තමයි මේවා දෙන්නේ.

අනික් වැදගත්ම දේ තමයි අපි(මම සහ චානක තිලංක සහෝ) දෙන්නේ කොහේවත් අඩවියක සබ් නැති, රේටින් අඩුම 6ක් වත් තියෙන ඒවා. ඉතින් කමෙන්ට් තමයි ඕනේ. ඒ වගේම මම සිනෙරූ පවුල වෙනුවෙන් කරන උපසිරැසිවලට අදාල ට්‍රේලර් හා පොඩි පොඩි වීඩියෝ කොටස් සිංහල උපසිරැසි එක්ක #සදහම් Creations කියන Youtube චැනල් එකේ තියෙනවා. ඒකටත් ගිහිල්ලා සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආදරයෙන් ඉල්ලනවා.

තව දෙයක් තියෙයි, මං පහුගියටිකේ හෙව්වා ටිකක් පරණ 2012 කියන ෆිල්ම් එක. සිංහල සබ් එක්ක. ඒත් මට හොඳ සිංහල සබක් ලැබුනේ නෑ. තිබ්බ එක ඕපන් වෙන්නේ නෑ. ඉතින් දැන් ඒකටත් මේ සබ් හදන ගමන් ඉන්නේ. බොහෝ විට එන සතියේ දෙන්නම්.

අපේ ආදරණීය සමිත සහෝ නම් කිව්වා එකපාර සීසන් එකක්ම කරලා සබ් දෙමු කියලා. ඒක හොඳයි හැම අතින්ම. ඒත් කුතුහලය හදන්න නම් ඉතින් මෙහෙම දෙන එක වටිනවා කියලා හිතිලා තමයි මේ එක එක දෙන්නේ. සමාවෙන්න සමිත සහෝ ඇතුලු හැමෝම ඒකට.

අද කතාව

පහුගිය ඒවගෙන් අපිට නිකන් පේන්න තිබ්බානේ අර සිබ්ලි නෝනා නරකයි වගේ. මේකෙදී ඒ ගැන අපිට ආපහු හිතන්න වෙනවා. එයා අමුතු දෙයක් කරනවා. හැමෝම ගැන ටිකක් අපිට හිතන්න වෙන විදිහේ සිද්දි ටිකක් මේකේ වෙනවා. කැප්ටන් ඇල්ඩන්, අයිසැක්, මේරි, විනිසුරුතුමා මේ අය ගැන ප්‍රතිරූප හදන එකයි මේ තාම වෙන්නේ.

ඉතින් බාන වෙලාවට කමෙන්ට් එකක් දාන්න.බැරි උනොත් මේක බලපු ගමන් ඇවිත් කමෙන්ටුවක් ලියලා යන්න. මොකද, එතකොටයි ඊලඟ එපියට යන්න හිතෙන්නේ. හැමදාමත් වගේ මගේ ආදරණීය බිරිඳ, චූටි පුතා, ඇඩ්මින් සමිත සහෝ වගේම වැනේසා හේල්සිං කෙල්ලගේ පෙම්වතා වන චානක තිලංකවත් ආදරෙන් මතක් කරනවා. හැමෝටම බුදු සරණයි! සදහම් සරණයි! සඟ සරණයි! කියලා පතනවා

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන හෙට්ටිවත්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන හෙට්ටිවත්ත

April 19, 2020


300
Total Subtitles

6 comments

  1. Hashan M.
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි දර්ශන බ්‍රෝ සබ් එකට 😊👍.. ටිකක් පරක්කු උනාට කමක් නෑ තමන්ගෙ වැඩත් තියනවනෙ නවත්තන්නෙ නැතුව ඉවරයක් වෙනකන් දුන්නොත් ඇති 😊 මං මේ season 1 complete වෙනකන් ඉන්නෙ සේරම එකපාර බලන්න ඉවසීමක් නෑ මට 😉..
    ජය වේවා.!

  2. සුපිරියි බ්‍රෝ…දිගටම සබ් ටික දෙන්න..සිරීස් එක අසාවෙන් බලනවා..

  3. චානක තිලංක
    Cineru Family Member

    සුපිරියි සහෝ දිගටම සබ් දෙන්න, හැමෝම අරන් බලන්න නියම කතා මාලාවක් මේක

  4. Ithuru tikath ikmanata denna

  5. Dilshan Liyanage

    elama saho digatama demu …..

  6. කොහොමද රේටින්? මේ කතාව තව ටිකක් එහාට යන්න යන්න මාරම ලස්සනයි. එලම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login