The title of the page
Elite 2018 Sinhala Sub
Elite 2018 Sinhala Sub
7.6
97
94

Elite (2018) Complete Season 01 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමග | (18+)

(Elite 2018 Sinhala Sub) හැමෝම දන්නවා ඇතිනෙ අද මොකක්ද අරගෙන එන කතා මාලාව කියලා. හැබැයි ඉතින් මේ කතා මාලාව ගැන වැඩි කතා බහට ලක් වුණේ නම් නෑ. ඒකට හේතුව වෙන්න ඇත්තෙ සිංහල උපසිරසි නැතිකම වෙන්න. සමහර තැන්වලනම් පෝස්ට් කීපයක්ම බලාගන්න පුළුවන් වුණා. මමත් මේ කතා මාලාව බලන්න ගත්තෙ මේක ගැන තිබ්බ පෝස්ට් එකක් දැකලා. ඒ වගේම මේක NETFLIX කතා මාලාවක් නිසා දෙපාරක් නොහිතාම බලන්න ගත්තා. මටනම් මේක පළවෙනි සීසන් එක බලකොටම සුපිරියටම සෙට් උන කතා මාලාවක්. අනිවාරෙන්ම ඔයාලටත් එහෙම වෙයි. මමනම් මේ වෙනකොට සීසන් තුනම බලලා ඉවරයි. 😋

දැනට මේකෙ ඇවිත් තියෙන්නෙ සීසන් තුනක් විතරයි. තවත් සීසන් දෙකක් එන්න තියෙනවා කියලා තමා දැනට නිල වශයෙන් දැනුම් දීලා තියෙන්නෙ. මේකෙ පළවෙනි සීසන් එක NETFLIX හරහා නිකුත් කරන්නෙ 2018 ඔක්තෝම්බර් 5 වෙනිදා. ඒ කියන්නෙ දැනට අවුරුදු එක හමාරකට දෙකකට විතර කලින්. මේ වෙනකන් මේකට සිංහල උපසිරසි නිර්මාණය වෙලා තිබ්බෙ නෑ. අපිට ගොඩක් අය මේකට උපසිරසි දෙන්න කියලා මැසේජ් කරලා තිබ්බා. මම හිතාගෙන හිටියෙ මේක තනියම ගහනවා කියලා. ඒත් කොහොමෙන් කොහොම හරි ඒක කරගන්න බැරිවුණා. ඒ අතරෙ තමයි අපෙ අංජුල සහෝ මේකෙ කරන්න කියලා අපේ අනිත් උපසිරසි කරන අයට කිව්වෙ. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට අද ඔයාලට පළවෙනි සීසන් එකේ කොටස් අටටම උපසිරසි දෙන්න පුළුවන් වෙලා තියෙනවා.

Élite කතා මාලාවත් Sex Education / You / Riverdale / 13 Reasons Why වගේ “Teen Drama” ඝණයට තමයි වැටෙන්නෙ. Teen කතා මාලාවලට කවුද අකමැති.Élite කතා මාලාව Spanish එහෙමත් නැත්තන් ස්පාඤ්ඤ කතා මාලාවක්. Teen Drama / Thriller / Crime ඝණයට තමයි මේ කතා මාලාව වැටෙන්නෙ. IMDb 7.6 ක් වගේම 94% ක ගූගල් පරිශීලකයන්ගෙ කැමැත්තත් ලබාගන්න මේ කතා මාලාව සමත් වෙනවා. Rotten Tomatoes එහෙමත් නැත්තන් කුණු තක්කාලියේ 97% අගයකුත් මේ කතා මාලාව ලබාගෙන තියෙනවා.

මරීනා” කියන්නෙ “ගුස්මන්ගෙ” එකම සහෝදරිය. මේ දෙන්නාම ඉගෙන ගන්නෙ එකම ඉස්කෝලෙක. එක දවසක් “සැමුවෙල්, නාදියා සහ ක්‍රිස්ටියන්” කියන තුන්දෙනත් මේ ඉස්කෝලෙට එනවා. ඒ තමයි එයාලගෙ පළවෙනි දවස. මේ අයට මේ ඉස්කෝලෙ ඉගෙනගන්න අවස්ථාව ලැබෙන්නෙ එයාලට ලැබෙන ශිෂ්‍යත්වයක් නිසා. මේකෙ ඉන්න තවත් චරිතයක් තමයි “පෝලෝ” කියලා කියන්නෙ. “පෝලෝ” තමයි “ගුස්මන්ගෙ” හොඳම යාළුවා. ගුස්මන් හැමවෙලේම වගේ ඉන්නෙ පෝලෝ එක්ක. එතකොට “කාර්ලා” තමයි “පෝලෝගෙ” ආදරවන්තියව වෙන්නෙ. එතකොට ගුස්මන්ගෙ ආදරවන්තිය තමයි “ලුක්‍රේසියා” කියන්නෙ.

මම ඔය කිව්වෙ මේකෙ ඉන්න චරිතවලින් ටික දෙනෙක් ගැන විතරයි. Money Hiest කතා මාලාවෙ හිටපු චරිත දෙකකුත් අපිට මේකෙදි බලාගන්න පුළුවන්. තව ගොඩක් චරිත මේකෙ ඉන්නවා. මේකෙ කතාව කැරකෙන්නෙ මේ අය ඉගෙන ගන්නෙ Élite කියන ඉස්කෝලෙ ඇතුළෙ වෙන එක්තරා සිදුවීමක් වටා. ඔය කවුරුත් නොහිතන දෙයක් තමයි පළවෙනි කොටසෙන්ම වෙන්නෙ. ඒත් ඒ අඩුව දැනෙන්නෙ නැතිවෙන්න ගොඩක්ම සාර්ථකව කතාව ඉස්සරහට ඇදගෙන යනවා.

මේ කතා මාලාවෙත් 18+ සීන් ගොඩක්ම ඇතුළත් වෙනවා. Sex Education වගේ හොඳ හොඳ ආතල් ටිකකුත් තියෙනවා. කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් සුපිරිම ස්පාඤ්ඤ කතා මාලාවක්.මේක බලන අයට මුලින්ම හිතෙන්න පුළුවන් මේ මොකද වෙන්නෙ කියලා. මේකෙ වෙන්නෙ මොනවද කියලා නම් කියන්නෙ නෑ. ඒක ඔයාලම බලාගන්න. කලින් සිදූවීමක් ගැන කරන ප්‍රශ්න කිරීමකදි කියන කතාවල් තමයි මේකෙ ස්ටෝරි එක වෙන්නෙ. කතාවක් කිව්වට මේක කියන්නෙ එක්කෙනෙක් නම් නෙවෙයි.

එහෙනම් ඉතින් උපසිරසි අරගෙන මේ කතා මාලාවත් බලලම ඉන්න. ගොඩක් අයගෙ ඉල්ලීමක් නිසා තමයි අද මේ විදිහට මේ කතා මාලාවට උපසිරසි අරගෙන එන්නෙ. දෙවනි කතා සමයටත් පුළුවන් ඉක්මන්ට උපසිරසි අරගෙන එයි.

ඒ වගේම තමයි පහළින් කමෙන්ට් එකක් දාලා යන්නත් අමතක කරන්න එපා.
සටහන :- සොමේෂ් ජයරත්න

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


253
Total Subtitles

28 comments

  1. Amila Pathum Hasaranga
    Cineru Family Member

    Good Job…

  2. සුපිරි වැඩක්..හිතගන්නවත් බෑ…ගොඩක් ස්තුතියි … elite season 2&3 ඉස්සරහට ලබා දෙන්න..ඒ වගේම මං ඉල්ලීමක් කරන්න කැමතියි මේ සයිට් එකෙන් දුන්නු you series එකේ season 2 අතරමග නතර වෙලා ඒ සිරීස් එකත් සිනෙරු ටීම් එකෙන් complte කරලා දෙන්වද….ආයේත් සිනේරූ ටීම් එකට සුබ පතනවා..

  3. Madhawa Lakmina

    Good Job, පුලුවන් නම් cursed series එකටත් සිංහල සබ් දෙන්න ඉක්මනටම

  4. Aye kiyla wdk nha supri wdk
    Thx mchn
    Godk pin
    Season 2kth ikmnt sub demu
    Jaya wewa

  5. සුපිරිම සීරීස් එකක් 😍
    හැබැයි මගෙ සීරීස් එක 😒

  6. සුපිරිම සීරීස් එක 😍
    හැබැයි මගෙ එකක් ඕක 😒

  7. Supirima bro…💚

  8. Supirima bro

  9. නියමයි සුපිරි වැඩක් සහෝලා.පුලුවන් නම් you සීරිස් එකටත් සබ් දෙන්න එක නැවතිලා තියෙන්නේ❤❤❤

  10. සෑහෙන කාලෙකට කලින් බලන්ඩ හොයලා සබ් නැති හින්දා අතෑරලා දැම්මා..උබලා සබ් දුන්න හින්දා දැන් ආයේ ඉතින් බලන්ඩ පුලුවන් ❤️ ඉතුරු සීසන් වලටත් ඉක්මනින්ම්මම සබ් එක දීපන්..අපි බලන් ඉන්නවා…ආදරෙයි සිනෙරු උබලට 🌸❤️

  11. Thanks sub ekata❤️Season 2 oni😍😍

  12. පට්ටම සීසන් එකක්. නිකමට අරබන් බැලුවේ. අම්මෝ මේක නම් නියමයි. දිගටම සබ් දෙන්න සහෝ මේ වගේ. සුභ පැතුම්. ඔයාගේ සහායෙන් අපිත් ඉතින් සබක් දෙකක් කරන් ඉන්නවා. ඔයාගේ සබ් නම් මරු

  13. rukshana yugantha

    Season2 sub ikmanatama dando jaya wewa🖤

  14. චානක තිලංක
    Cineru Family Member

    මරු ආ මං දැකපු සුපිරිම ෆිල්ම් එකක් තමා මේක සබ නම් සුපිරියි සහෝලා මේ වගේ ෂෝ එකකට සබ් දුන්න එක නම් පට්ට.

  15. Season 2 සබ් එක ඉක්මනට දාන්නකෝ 😍😍

  16. Season 2 ඉක්මනට දෙන්නකෝ 😍😍

  17. Season 2 sub dennko plz

  18. Season 3 sub denna bro

  19. බොහොම ස්තුතියි

  20. Thank you so much ❤️ Season 2 & 3 ikmanata oni 🤗

  21. Neil Wijesinghe

    thank you brother. I like very much these kind of series.

  22. හිරාන් ශාරංග

    ගොඩක් ස්තුතියි සබ් එකට. මාත් බලන්න පටන් ගන්නයි හැදුවෙ.
    ජයවේවා…! 🙏

  23. Elite Short Stories: Carla Samuel meke sub denna puluwanda

  24. godak sthuthi.. Jaya wewa!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login