8 Vasantalu (2018) Sinhala Subtitles
8 Vasantalu (2018) Sinhala Subtitles
6.9
86

8 Vasantalu (2025) Sinhala Subtitles | “වසන්ත සෘතු 8” | සිංහල උපසිරැසි සමඟ

(8 Vasantalu (2025) Sinhala Subtitles ) (8 Vasantalu (2025) Sinhala Subtitle) (8 Vasantalu (2025) Sinhala Sub)

හායි කොහොමද කට්ටිය. අදත් අරගෙන ආවා ලස්සන ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එකේ නම තමයි 8 Vasantalu. මේක තෙළිගු Romance Drama කාණ්ඩයට තමයි අයිති වෙන්නේ.

කතාව ගැන ටිකක් කිව්වොත් ශුද්ධි අයෝධ්‍යා කියන්නේ මාෂල් ආට් කරන ගොඩක් දක්ෂ තරුණ ගෑණු ළමයෙක්. එයා මේ වෙනකොට එයාගේ බ්ලැක් බෙල්ට් එක වෙනුවෙන් ලෑස්ති වෙන ගමන්. ඒ විතරක් නෙමෙයි, එයා ලේඛිකාවක්. එයා ලියපු RAYS කියලා පොතක්, කට්ටිය අතරේ ගොඩක් ජනප්‍රිය වෙනවා. දවසක් එයා මාෂල් ආට් ඉගෙනගන්න තැනට වරුන් කියලා ඇමරිකාවේ ටෙක්සාස් වල ඉදලා ආපු  ටයික්වුන්ඩෝ චැම්පියන්ෂිප් ගහපු කොල්ලෙක් එනවා. තමන්ගේ හැකියාව ගැන ටිකක් ඔළුව ඉදුම්මවා ගත්ත චරිතයක්.

වරුන්, මෙතන මාෂල් ආට් සෙන්ටර් එකේ මෙයා එක්ක සටන් කරන්න එන හැම කෙනාම පරද්දනවා. හැබැයි ශුද්ධි ඇරෙන්න.

එතනින් ආඩම්බරකම බහින වරුන්ට ශුද්ධි ගැන ආදරයක් ඇති වෙනවා. කොහොමහරි පස්සේ කාලෙක වරුන් එයාගේ ආදරේ ශුද්ධිට කියනවා. ශුද්ධි වරුන්ට අකමැත්තක් නෑ. ඒත් පොඩි කාලයක් ඉල්ලනවා, මොකද ආදරේ කියන දේට ශුද්ධි ගොඩක් බයයි.

වරුන්ගේ තාත්තගේ බලාපොරොත්තුවක් තියෙනවා වරුන්ව, ලෝකේ හොදම මියුසික් කොලේජ් එකක් වෙන, බර්ක්ලී මියුසික් කොලේජ් එකට ඇතුලත් කරන්න. ශුද්ධිට ආදරය කියලා ආව ගමන් වරුන් දැනගන්නවා, එයා බර්ක්ලී එක්සෑම් එක ෆේල් වෙලා කියලා. මේක දැන් තාත්තට කියන්න විදිහක් නෑ. හැබැයි එයාගේ මාමා මේක දැනගන්නවා. මාමා වරුන්ට යෝජනාවක් ගේනවා එයාගේ මස්සිනාගේ මාර්ගෙන් වරුන්ව බර්ක්ලී වලට ඇතුළත් කරලා දෙන්න පුළුවන් කියලා. හැබැයි පොඩි ඉල්ලීමක් කරනවා. ඒ තමයි ඒ වෙනුවෙන් එයාගේ දුවව බදින්න ඕනේ කියන එක.

ඉතින්, වරුන් මොන වගේ තීරණයක් මෙතනදි ගනීද?. ශුද්ධි වගේ හොද ගෑනු ලමයෙක් වෙනුවෙන් බර්ක්ලී යන හීනේ අත අරීද? එහෙම නැත්තන් ශුද්ධිව අත ඇරලා තාත්තගේ හීනේ ඉෂ්ඨ කරයිද ?. ඒ වගේම කාටත් හොරෙන් ශුද්ධිට හිතෙන් ආදරය කරන, තවත් කොල්ලෙක්ගේ ආදර කතාවකුත් මේකට සම්බන්ධ වෙනවා.

ඉතින් හැගීම්බර ලස්සන ආදර කතාවක් විදිහට මේ ෆිල්ම් එක හදුන්වන්න පුළුවන්. අනිවාර්‍යෙන්ම බලන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් ආයෙත් හම්බ වෙමු.

සුබ දවසක්…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රුක්ෂාන් හේනාධීර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රුක්ෂාන් හේනාධීර

March 29, 2025


19
Total Subtitles

3 comments

  1. චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි…….. A S H

  2. Buddhika laKMal
    Cineru_users

    තෑන්ක්ස් මචං සබට

  3. Era Boy
    Cineru Family Member

    maru maru ❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login