The title of the page
35 Chinna Vishayam Illa (2025) Sinhala Subtitles
35 Chinna Vishayam Illa (2025) Sinhala Subtitles
3.6
64

35 Chinna Vishayam Illa (2025) Sinhala Subtitles | “බිංඳුව” | සිංහල උපසිරැසි සමඟ

(35 Chinna Vishayam Illa (2025) Sinhala Subtitles) (35 Chinna Vishayam Illa (2025) Sinhala Subtitle) (35 Chinna Vishayam Illa (2025) Sinhala Sub)

මේ කතාවෙ විදිහට සරස්වති කියන්නෙ ගෘහණියක් වන අතර ඔහුගේ සැමියා කොන්දොස්තරවරයෙක්.මේ දෙන්නටම අරුන,වරුන කියලා දරුවන් දෙදෙනෙක් ඉන්නවා.එයාලා සරල මධ්‍යම පාන්තික සරල ජීවිතයක් ගෙවයි.

මේ පුතාලා දෙදෙනා අතරින් අරුන හැම වෙලාවෙම ප්‍රශ්න අහන කුතුහලයෙන් ඉන්න කෙනෙක්.අරුන මේ නිසා පාසලේ දී ගණිතය විශය සමග අරගල කරයි.කොහොම වුනත් හැමදාම ඔහුට ගණිතයට ලකුණු බිංදුවක් ලබා ගනියි.

චානක්‍ය නම් ගණිත ගුරුවරයෙක් අරුනගේ පාසලට සම්බන්ධ වෙනවා.ඔහු පංතියේ සිටින දරුවන් දිරිමත් කිරිමට ගණිතය විශයට ලබා ගත් ලකුණු අනුව කතා කරනවා.අරුනට හැමදාම බිංදුව නිසා එයාට බිංදුව කියලා කතා කරනවා.කොහොම වුනත් ගණිත ගුරුවරයාට අරුන කැමති වෙන්නේ නෑ.ඔහු එක එක දවසට ගුරුවරයාට එක එක විදිහට කරදර කරනවා.මේ අතරෙදී චානක්‍ය සර්ගේ මැදිහත් වීමෙන් අරුනගේ යාළුවා පවන්ට පාසල මාරු කරන්න වෙනවා.

අරුනගේ ගණිත ලකුණු ගැන කනස්සල්ලට පත් වෙන අරුනගේ තාත්තා විදුහල්පතිතුමා හා චානක්‍ය සර්ගෙන් ඉල්ලිමක් කරනවා අරුනව 5 වසරට අසමත් කරන්න කියලා.මේ සියලු සිදුවීම් අතරතුර වාර්ශික විභාගයට අරුනට ලකුණු 35ක් ලබා ගැනීමට ප්‍රසිද්ධ අභියෝගයක් ලැබෙනවා.

ඉතින් කතාවෙ ඉතිරි කොටස විදිහට අරුන වාර්ශික විභාගයෙන් සමත් වීමට ඔහුගේ පවුලේ අය සහ යහළුවන් උත්සහය මේ කතාව පුරාම තියෙනවා.අරුනගේ තාත්තා බොහෝ විට පවසන පරිදි එය කුඩා කතාවක් නෙවෙයි.(චින්න කතා කාදු)

මේ ෆිල්ම් එක ගෙදර හැමෝටම එකතු වෙලා බලන්න පුලුවන් ලස්සන කතාවක්.
ආයමත් අලුත් ෆිල්ම් එකකින් මුනගැහෙනකම් හැමෝටම සුබ දවසක්……

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දිලීකා සෙව්වන්දි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දිලීකා සෙව්වන්දි

May 17, 2025


15
Total Subtitles

2 comments

  1. Buddhika laKMal
    Cineru_users

    බොහෝම ස්තූතියි සිස් උපසිරැසියට

  2. Pubudu sandaruwan

    මේකට විශේෂයෙන් කමෙන්ට් එකක් දාන්න එන්න හිතුනා… මුලින්ම සබ් එකට තෑන්ක්ස් කරලා ඉන්නම්.. මන් ගොඩක් බලන්නේ ටැමිල් ෆිල්ම් සබ් ගන්නෙත් මෙහෙන්ම තමා.. ඒත් මේ සබ් එකේ අඩු පාඩු ගොඩාක් පෙනුනා.. මන් ටැමිල් එක්ස්පර්ට් කෙනෙක් නෙවෙයි ෆිල්ම් බලලම දැන් ගොඩක් වචන නිකන් හුරු වෙලා වගේ.. මේ සබ් එක ගූගල් ට්‍රාන්ස්ලේට් එකක් වගේ තේරුණා මට.. එයාලා කියන එවායි මේකේ තිබ්බ වචනයි ගොඩක් පරස්පරයි කියලා හිතුනා.. ඊළඟ එකේ මේ අඩුපාඩු හදන් ලස්සන සබ් එකක් දෙයි කියලා හිතෙනවා.. සමාවෙන්න මෙහෙම වැරදි කිව්වට.. ඒත් මේක කියන්නම හිතුනා… ආයෙත් තෑන්ක්ස් සබ් එක කරලා දුන්නට.. මේකට හම්බුන එකම සිංහල සබ් එකත් මේක විතරයි කියල කිව්වේ නැත්තම් ඒකත් මේක කරපු ඔයාට අසාධාරණයක් වෙයි…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login