28 Years Later (2025) Sinhala Subtitles
28 Years Later (2025) Sinhala Subtitles
7.1
88
69

28 Years Later (2025) Sinhala Subtitles | “ දූපතින් එහා” | සිංහල උපසිරැසි සමඟ

(28 Years Later (2025) Sinhala Subtitles) (28 Years Later (2025) Sinhala Subtitle) (28 Years Later (2025) Sinhala Sub)

කොහොමද හැම කෙනෙක්ටම, සෑහෙන කට්ටියක් එනකල් ආසාවෙන් බලාගෙන හිටිය අලුත්ම ෆිල්ම් එකක් අරගෙනයි අද මං ආවේ.

ඒ 28 Years Later (2025).
හරි අපි 28 Years Later (2025) ගැන කතා කරන්න කලින් පොඩ්ඩක් චිත්‍රපට මාලාව සහ ඒ සම්බන්ධ තොරතුරු ටිකක් බලමු.

20th Century Studios සහ Sony Pictures ආයතන යටතේ මුලින්ම 28 Days Later චිත්‍රපටය නිර්මාණය වෙන්නේ 2002 අවුරුද්දේ.  Alex Garlandගේ රචනයෙන් සහ Cillian Murphyගේ ප්‍රධාන රංගනයෙන්. ඊටපස්සේ 2007 අවුරුද්දේ 28 Weeks Later චිත්‍රපටය නිකුත්වුණා. ඒ වෛරසයේ බලපෑමෙන් සති 28කට පසුව කතාවක්.

දැන් අපි 28 Years Later (2025) චිත්‍රපටය දිහාවට එමු.
මේ චිත්‍රපටය නිර්.මාණයට අඩිතාලම වැටෙන්නේ 2007දී 28 Weeks Later චිත්‍රපටය නිකුත්වෙනවත් එක්කම පොඩි කාලයකින්. ඒත් විවිධ හේතු නිසා ව්‍යාපෘතිය මගනවතිනවා. ප්‍රධානම හේතුව වුණේ චිත්‍රපටයේ හිමිකම් ලබාගැනීමේ ප්‍රශ්නය. කොහොමහරි අවුරුදු ගාණක කල්යෑම් වලින් පස්සේ චිත්‍රපට මාලවේ නිෂ්පාදක Andrew Macdonald පළවෙනි චිත්‍රපටයේ අයිතිය Searchlight Pictures ආයතනයෙන් මිලදී අරගෙන ඒක ආපහු Sony Pictures ආයතනයට විකුණනවා. ඒ හරහා ලැබුණු අරමුදල් මඟින් 28 Years Later (2025) නිර්.මාණය වෙනවා.
Horror/Thriller ගණයට වැටෙන චිත්‍රපටිය නිර්.මාණය වෙන්නේ පළමු චිත්‍රපටයේ අධ්‍යක්ෂක Danny Boyleගේ අධ්‍යක්ෂණයෙන් සහ Alex Garlandගේ සුපුරුදු රචනයෙන්. චිත්‍රපටියේ ධාවන කාලය පැය 1 මිනිත්තු 55ක් වෙනවා වගේම බෙදාහරින්නේ Sony Pictures ආයතයනය. ඩො.මි. 60ක වියදමින් නිර් මාණය කරපු චිත්‍රපටය මේ වෙද්දී ඩො.මි 140කට අධික ඉහළ ආදායමක් අරන් තියෙනවා. ඒ වගේම මීට සමාන්තරව 28 Years Later: The Bone Temple කියලා දෙවනි චිත්‍රපටයකුත් මේත් එක්කම නිර්.මාණය වෙලා තියෙනවා. ඒක 2026 ජනවාරි මාසයේ සිනමාහල් වලට නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා.
චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ Jodie Comer, Aaron Taylor-Johnson, Jack O’Connell, Alfie Williams, Ralph Fiennes ඇතුළු නළු නිලියන් පිරිසක්.
හරි මං කතාව කියන්න යන්නේ නෑ එතකොට වැඩක් නෑනේ. ඔයාලම බලන්නකෝ.
හැබැයි චිත්‍රපටිය සුපිරියටම තියෙනවා කියලා නම් කියන්න ඕන.
එහෙනම් අලුත් උපසිරැසියකින් හම්බවෙමු. ඔයාලට ජය
~ උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ ~
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුපුන් සදීප

July 14, 2020


175
Total Subtitles

11 comments

  1. Nethmira
    Cineru_users

    Thnx for the sub

  2. Buddhika laKMal
    Cineru_users

    ස්තූතියි සුපුන් සහෝ සබට..
    ඔරිජිනලග් ආපුහම අප්ඩේට් එක ඕනේ……..

  3. Supiiri lipiyk

  4. Sandas
    Cineru_users

    Mom 2017/ mr.housekeeping

  5. ස්තුතියි උපසිරැසියට ❤️❤️💪 මුල් ෆිල්ම් දෙකක් දෙන්න පුළුවන්ද වටිනවා ඈ🙏🥰

  6. Buddhika laKMal
    Cineru_users

    අප්ඩේට් එකට තෑන්ක්ස් මචං

  7. චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි…….. A S H

  8. Thanks for the sub!!!!

  9. Thanks for Sub….

  10. Welgamage kasun Pushpakumara

    කලින් එවා බලන්න ඔනිද මෙකට

  11. Achi
    Top Fan ⭐⭐⭐

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login