The title of the page
23 Iravai Moodu (2025) Sinhala Subtitles
23 Iravai Moodu (2025) Sinhala Subtitles
7.5

23 Iravai Moodu (2025) Sinhala Subtitles | “සිරකරුවොත් මනුෂ්‍යයෝය” | සිංහල උපසිරැසි සමඟ

(23 Iravai Moodu (2025) Sinhala Subtitles) (23 Iravai Moodu (2025) Sinhala Subtitle) (23 Iravai Moodu (2025) Sinhala Sub)

සුබ දවසක් හැමෝටම!

23 (Iravai Moodu) කියන්නේ තෙලුගු භාෂාවෙන් නිර්මාණය කරන ලද hard-hitting social drama චිත්‍රපටයක්. මේ චිත්‍රපටය ලියලා අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Raj Rachakonda විසින්.. Teja, Tanmai, Jhansi, Pawon Ramesh වැනි තෙළිගු රංගන ශිල්පින් ශිල්පිනියන් මෙහි රංගනයෙන් දායක වෙනවා..

ඉතින්, මේ චිත්‍රපටය 2025 මැයි 16 සිනමාහල් වලට නිකුත් වුනා..

දැන් අපි යමු ෆිල්ම් එකේ කතාව දිහාට..

ඉතින් මේ චිත්‍රපටය සැබෑ ජීවිතයේ ඛේදජනක සිදුවීම් තුනක් පදනම් කරගෙන නිර්මාණය කරලා තියෙනවා. 1991 Tsunduru සමූල ඝාතනය, 1993 Chilakaluripeta බස් රථය පිළිස්සීමේ සිදුවීම, සහ 1997 හයිද්‍රාබාද් කාර් බෝම්බ පිපිරීම යන සිදුවීම් තුන එකට ගැටගහලා තියෙනවා..

මුදල් ප්‍රශ්න නිසා ජිවිතේ පලවෙනි වතාවට මංකොල්ලයක් කන්න සැරසෙන තරුණයෝ දෙන්නෙක්.. බස් රථයක් තමයි මංකොල්ල කන්න යන්නෙ.. නොදැනුවත් කමට සිද්ද වෙන සිද්දියක් නිසා මුළු බස් රථයම මේ දෙන්න අතින් ගිණි බත් වෙනවා.. ඒකත් මිනිස්සු 23 දෙනෙක් එක්කම.. අවාසනාවට මේ දෙන්නා ඒකෙන් බේරෙනවා.. ඊටපස්සේ තමයි මේ දෙන්නගේ ජිවිතේ හැමදෙයක්ම මෙයාලට නැති වෙලා මරණ දඩුවම පවා හම්බවෙන්නේ..

මේවගේ අපරාධ වලින් බලය, මුදල්, උසස් කුල තියෙන මිනිස්සු බේරෙන විදිහත්, අහිංසක මිනිස්සු හිර ගෙවල් වල දුක් විදින විදිහත් දරුණුවටම පෙන්නලා තියෙනවා..

ඇත්තම කිව්වොත් අන්තිම ටිකට නම් ගොඩක් දුක හිතෙනවා 🥺 බොක්කටම වදින ෆිල්ම් එකක්..

ඉතින්, සමාජීය කරුණු සහ සැබෑ සිදුවීම් පදනම් කරගත් hard-hitting drama චිත්‍රපටවලට ආස කරන අයට අනිවාර්යයෙන්ම බලන්න කියලා ආරාධනා කරනවා..

ගිහින් එන්නම් හැමෝටම ජය ❤️

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


414
Total Subtitles

2 comments

  1. Maa (2025) subtitle plz

  2. Kasun Widusha
    Cineru_users

    සබ් එකට ගොඩාක් ස්තුති , පුළුවන්නම් Azadi 2025 Malayalam ෆිල්ම් එකට සබ් දෙන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login