මගේ තුන්වෙනි උපසිරැසිය විදිහට මම අරගෙන එන්නේ 1992 වර්ශයේ දී සිදු වුණ මංකොල්ලයක් පාදක කරගෙන ගොඩ නැගුණු චිත්‍රපටයක්. කාතව නම් දිවයන්නේ කැෆෝනියා ප්‍රාන්තෙ ක්‍රෙන්ෂෝ කියන කළු ජාතික මිනිසුන් වෙසෙන පැත්තක. මෙහෙම කළු ජාතික මිනිසුන් ඒ පැත්තේ වාසය කලාට එහෙ අයිතිය තියෙන්නේ සුදු ජාතිකයන්ට. ඒ නිසා සුදු ජාතික පොලිස් නිළධාරීන් අතින් එහෙම විදිධ වූ අසාධාරනකම් මෙයාලට නොයෙක් විදිහට සිද්ද වෙනවා. එහෙම සිද්ද වුණ වැඩක් තමයි රොඩ්නි කිං කියන කළු ජාතික රියදුරා වේගෙන් රිය පැදෙව්වයි කියලා පොලීසියෙන් අල්ලලා සාහසික විදිහට සුදු ජාතික පොලිස් නිළධාරීන් හතර දෙනෙක් ඔහුට පහර දෙනවා අස්ථි බිඳෙන්නම. එහෙම වෙලත් ඒකට උසාවෙයෙන් දෙන තීන්දුව තමයි ඒ සුදු ජාතික පොලිස් නිළධාරීන් හතර දෙනා නිවැරදිකරුවන් කියලා. මේකෙන් ක්‍රෙන්ෂෝ වල ලොකු කෝලාහලයක් ඇතිවෙලා හැම කර්මාන්ත ශාලාවක්ම වලහ දානවා. එහෙම කර්මාන්ත ශාලාවක් තමා ප්ලූටන් මෙටල්ස් කියන්නේ. ඒක ඇතුලෙ මිලියන දහයක් වටිනා ප්ලැටිනම් තියෙනවා. ඉතිං මේ කෝලාහලය නිසා මේ කර්මාන්තශාලාවෙ ආරක්ෂාව අඩු වෙන්වා, ඒක ප්‍රයෝජනයට අරන් කල්ලියක් එනවා මේක කොල්ලකන්න. ඒක සාර්ථක වෙයිද? මේ අතරෙදි කතාවේ ප්‍රධාන චරිතෙත් මේ කර්මාන්ත ශාලාවටම එනවා අහඹුවකින්. මේ කොල්ලය කොතනින් කෙලවර වෙයිද?
මේ චිත්‍රපටය තිරගත වීම ඇරඹුනේ අගෝස්තු 30 වෙනිදා Lionsgate බෙදාහැරීම යටතේ. අධ්‍යක්ෂණය කරන්නේ Ariel Vromen විසින්. රංගනයෙන් එකතු වෙනවා Tyrese Gibson, Scott Eastwood, Ray Liotta, Christopher Ammanuel, Ori Pfeffer, Michael Beasley වැනි අය. තවද IMDb අගය 5.8/10 අගයකුත්, Rotten Tomatoes 61% ගන්න හැකි වෙලා තියෙනවා මෙම චිත්‍රපටයට.
සුපිරිම මංකොල්ලයක් ගැන තියෙන චිත්‍රපටයක් බලන්නෝනෙ අයට මෙන්න බඩු තියෙනවා ක්‍රියාදාම, කුතුහලය එක්කම. එහෙනම් ආයෙ හමුවෙමු.
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
යෂ් කනංගම
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.
September 20, 2024
ගොඩක්ම ස්තූතියි යෂ් …….
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!
thanks ……………..